තැන්පත්කරුවන් තම ස්ථාවර තැන්පත් ගිණුම්වලට යොමු කළ රුපියල් එක්කෝටි අනුහතර ලක්ෂ හතලිස්දෙදහස් තුන්සිය හැටහතක (1.94,42,367) මුදලක් ගිණුම්වලට නොදමා වංචා කරන ලදැයි කළුතර – විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබූ කළුතර, කොහොලාන සණස බැංකුවේ කළමනාකාරිනිය සහ ලේකම්වරිය මැයි මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කවීතර ප්‍රධාන මහේස්ත්‍රාත්, මහේෂ් වාකිෂ්ඨ මහතා පෙරේදා (06) සවස නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කොහොලාන සණස බැංකුවේ. කළමනාකාරිනිය වූ කළුතර දකුණ,හෙට්ටිගොඩ පදිංචි නිදැල්ල ආරච්චිගේ දෝන නිලන්ති දීපිකා (අවු 56) සහ එහි ලේකම් කළුතර, කොහොලානේ පදිංචි හේවා කංකානම්ගේ පුෂ්පලතා (අවු.58) යන දෙදෙනාය.
කළුතර දිසාව හාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී.උදයකුමාර යන හෙත්ම මහත්මින්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

