නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස් පෙළ සමතුන් බඳවා ගැනීමට විරෝධය පලකරමින් මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කාර්මික නිලධාරී සංඟමය ,පල්ලේකැලේ මධ්‍යම පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාව..

මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා ,පලාත් ප්‍රධාන ලේකම් , සහ මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රධානීන් විසින් අත්තනෝමතික ලෙස නිසි වෘත්තීය සුදුසුකම් නොමැති පිරිස් කාර්මික නිලධාරී තනතුරු වලට බඳවා ගැනීම වහා අත්හිටුවන ලෙස මෙම උද්ඝෝෂණයට එක්වූ මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී සංඟමයේ සභාපති ඉඳුනිල් චන්ද්‍රසේකර මහතා පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version