ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර එම මණ්ඩලය ඈවර කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයක නිරත වන බවට විදුලි වෘත්තිය සමිති අනතුරු අඟවනවා.
කොළඹ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි නියෝජිතයින් පැවසුවේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු විදුලි වෘත්තිය සංගම් 24ක් මේ සඳහා එක්වීමට සූදානමින් සිටින බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීමත්, ඒ සඳහා වත්කම්, වගකීම් හා රාජකාරී කාර්යයන් සහ ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති, මුදල් අමාත්‍යවරයා හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයන්ට යටත්ව පිළියෙල කිරීම අවසන් කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය විෂයභාර අමාත්‍යවරයා මගින් ගැසට් කිරීමට නියමිතයි

