හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඊට ප්‍රථම ඒ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ඒ බව දැනුම් දුන්නේය.

