Author: Samudra Maduwnthi

නවදිල්ලි නුවර රතු බලකොටුව ඊයේ (10) පස්වරුවේ සිදු වූ පිපිරීම පිළිබඳ පුවත අසා තමා කණගාටුවට පත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවවයි ජනධිපතිවරයා එම එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. මේ අතර ඉදිරි දින තුන සඳහා දිල්ලි නුවර රතු බලකොටුව සංචාරකයින්ට වසා තබන බව ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර තිබෙනවා. පිපිරීම සිදු වූ ස්ථානයේ විමර්ශනය සිදු කරන බැවින් ස්මාරකය අසල මහජන රැස්වීම් අඩු කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පිපිරීම මරාගෙන…

Read More

මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා නොඑසේ නම් තරමක් අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා කියාසිටියේය. අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන අතර, මීට සති දෙකකට පෙර පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සමග උතුරු දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී ඇතැයි ද අජිත් ගුණවර්ධන මහතා පැවසීය. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව මේ වනවිට ලංකාව සතුව තිබෙන…

Read More

මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. උසස් පෙළ විභාගයේ කටයුතු ඊයේ (10) දිනයේ සාර්ථකව ආරම්භ වූ බවයි කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #උසස්පෙළ #විභාග2025 #අධ්‍යයනපොදුසහතික #ඇගයීම් #විභාගදෙපාර්තමේන්තුව #උසස්පෙළවිභාග #කොමසාරිස්ජනරාල් #අධ්‍යයන #සාර්ථකකාරී #දෙසැම්බර්5

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaVsPakistan #CricketMatch #ODI #Ravalpindi #SriLankaCricket #PakistanCricket #CricketFans #MatchDay #SportsNews #CricketLovers

Read More

කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවය. අත්අඩංගුවටගත් සැකකරුවන් සමග A9 මාර්ගයේ චෙන්මනි හංදිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ජංගම දුරකථනයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. අදාළ සැකකරුවන් අවුරුදු 18ත් 33ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 24 හා 26 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොටහේනේ #වෙඩි #මනුෂ්‍යඝාතනය…

Read More

ගොවි ජනතාවගේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර තියෙනවා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පෝෂ්‍යදායි ආහාරවේලක් ජනතාවට ලබා දෙන අතර ගොවි ජනතාවගේ ආර්ථිකය යහපත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහවැලි සී කලාපයේ මහවනාවෙල ග්‍රාමයේ ඊයේ ( 06) පැවති වප් මඟුල් උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවීමේ වගකීම සහ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ආහාරවල හිඟභාවයක් නැතිව ජනතාවට ආහාර සැපයීමේ වගකීමට උරදෙන එක තමයි අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය. පෝෂ්‍යදායී ආහාර…

Read More

2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිඛෙනවා. ඒ අනුව, අද (07) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී එය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අයවැය අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #2026අයවැය #පාර්ලිමේන්තුව #කැබිනට්අනුමැතිය #අයවැයඉදිරිපත්කිරීම #ශ්‍රීලංකා #රාජ්‍යපාලනය #අයවැය2026 #කැබිනට්මණ්ඩලය #දේශපාලන #අයවැයසංවාද

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය. ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිතව ඇත. මෙවර මෙම තනතුර සඳහා 7 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්. ඒ අනුව වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරු ඉදිරිපත්වීමට නියමිතය. ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ,…

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මෛත්‍රීපාලසිරිසේන #අල්ලස් #දුෂණ #චෝදනා #විමර්ශනකොමිෂන් #ශ්‍රීලංකා #පොලීසිය #නීති #ජාතිකආරක්ෂාව #සමාජමාධ්‍ය

Read More

ලෝක වෙ‍ෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙ‍ෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ක් ලෙසය. අමෙරිකානු වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59 යි සත 43 ක්. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බොරතෙල් #වෙළඳපළ #මිල #බ්‍රිතාන්‍ය #අමෙරිකා #ආර්ථිකය #නවතමතොරතුරු #බොරතෙල්මිල #ලෝකවෙළඳපළ #ආර්ථිකවිශ්ලේෂණ

Read More