Author: Samudra Maduwnthi

රැකියා සඳහා විදේශ ගතවීම 5%කින් පහළට ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස හය තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් හෙළිව තිබෙනවා. දේශීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම සහ දේශීය වැටුප් ඉහළ යෑම විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇති බව සඳහන්. 2025 වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සමස්ත ශ්‍රී ලාංකිකයන් ගණන 143,037 ක්. පසුගිය ආර්ථික අර්බුදය සමයේ ඉහළ මට්ටමක පැවති විදේශගත වීම, පෙබරවාරි මාසයේ සිට ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන අතර, එය දේශීය ශ්‍රම වෙළඳපොලේ ස්ථායීකරණය වන ස්වභාවය පිළිබිඹු කරනවා. ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවී…

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. එහි ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ, වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරින් සහභාගි කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවූ බවයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

මේ වසර සඳහා නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එවැන්නක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළුව මේ කටයුතු සිදුවනු ඇති බවයි සඳහන්. වාහන ආනයන බදු ආදායම මෙහි ප්‍රධාන සාධකය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, රජය සිය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී වාහන ආනයනය සහ එමගින් ලැබුණු බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර ලැයිස්තුවට යාපනය නම් කර තිබෙනවා. ලෝන්ලි ප්ලැනට් හි ‘Best in Travel 2026’ ඉතාලි භාෂා සංස්කරණය 2025 ඔක්තෝබර් 22 වන දින මිලාන්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් එළිදක්වන ලදී. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙම උත්සවයට සහභාගි වූ අතර, සංග්‍රහය සඳහා උතුරු පළාතට අවේණික සුවිශේෂී කෑම වර්ග කිහිපයක් ද එක් කර තිබුණි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ඓතිහාසික දඹුලු රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද හිමි 26 උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින්, ප්‍රකාශ කරන ලද්දේ, “දඹුලු විහාරය සතු ඉඩම් රජයට පවරා ගත්තට පස්සේ වෙනත් ක්‍රියාවලීන් සිදු වෙනවා. දඹුලු විහාරයේ මේ ඉඩම් ලබා දුන්නේ දඹුල්ලේ සංවර්ධනයට. දැන් මේ වනවිට තිබෙන ගැටලුව තමයි බදු දීම, අන්සතු කිරීම් සිදු කෙරෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට මෙවැනි දෑ කරන්න කිසිම අයිතියක් නෑ. අපි සද්භාවයෙන් සංවර්ධනය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දඹුලු විහාරයේ ඉඩම් බදු දීලා තියනවා. ඒක වහාම නැවත අත්පත් කරගන්න කඩිනමින් කටයුතු කළ යුතුයි.දඹුලු නගරයේ මැඳ ඉඩම් බදු දීම ජනාධිපති කාර්යාලයෙන් සිදුවන බව ජනාධිපති කාර්යාලයෙන් සිදුවන බව බදුකරුවන් ප්‍රකාශ කරනවා. අපි ලබා දුන් ඉඩම්…

Read More

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය. එම ඉසව්ව නිම කිරීමට ඇයට ගත වූ කාලය මිනිත්තු 34 තත්පර 39.95 කි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

බහරේන්හි පැවැත්වෙන 3වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (26) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්නි රාජපක්ෂ සමත් වූවාය. ඇය මීටර 12.31ක දක්ෂතාවක් දැක් වූ අතර, මෙම ඉසව්වේ රන් පදක්කම චීනය (මී. 13.28) විසින් දිනාගත් අතර, රිදී පදක්කම චීන තායිපේ (මී. 12.36) ක්‍රීඩිකාවක් දිනාගත්තාය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ මධුෂානි හේරත් දිනා ගත්තාය. ඒ මීටර් 6.23 ක දුර පැනීමක් වාර්තා කරමිනි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More