Author: admin

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළේ ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර පොලීස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවය. පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට මාසිකව රුපියල් 50,000ක මුදලක් බැගින් ඉල්ලා ඇති බවත් ඉන් රුපියල් 47,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන්…

Read More

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය. ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

Read More

වසර 38ක ඉඩෝරයට තිත තබමින්ත්‍රිත්ව විදුහල ශූරතාවය දිනයි.පුරා වර්ෂ 38 ක් තිස්සේ ලත් පසුබෑමට තිත තබා ගනිමින් 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ප්‍රමුඛ පෙළ පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට මහනුවර ත‍්‍රිත්ව විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.එහි ප්‍රතිඵලය ලෙස ජයග්‍රාහී ත්‍රිත්ව විදුහලට “ඩයලොග් අභියෝග කුසලාන ප්‍රදානය කෙරේ.දිවයිනේ පාසල් 18 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක තෙරුණු මෙවර ප්‍රමුඛ පෙළ පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වීම ඉහළ අගයක් ගත්තේය. තවත් එක් තරගයක් තිබියදීම ශූරතාවය තහවුරු කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වීම ඒ අතර කැපී පෙනෙයි.මූලික වටයේදී මහනුවර ශ්‍රී සුමංගල…

Read More

එංගලන්ත සංචාරය සදහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 169 ක් අවභාවිත කලාද? මෙම සංචාරය සදහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 169 ක ප්‍රමාණයක් වැය වී ඇතිහිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සී.අයි.ඩීයට කැදවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2023 වසරේ සැප්තැම්බර් 13 සහ 24 අතර කාලය තුළ සිදුකර තිබෙන විදේශ සංචාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා, ඔහුගේ පෞද්ලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ම ප්‍රකාශ ලබා ගැනීමට හෙට දිනයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වූ සමන් ඒකනායක මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.…

Read More

මාතලේ නගරයෙන් ඉවත් කරන කසළ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල අසල මැක්ඩොවල් බලකොටුවට බැහැර කිරීම නිසා නේවාසික රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය, පාසල් සිසුන් ඇතුළු අවට පදිංචිකරුවෝ දහස් ගණනක් පාරිසරික ගැටලු රැසකට මුහුණපා සිටිති. මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි (සර්ව ජනබලය) / හිටපු නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් ඉන්ද්‍රරත්න මහතා පැවැසුවේ එවක නාගරික කොමසාරිස්වරයා ගත් අගතිගාමී තීරණයක් මෙම ගැටලුවට බලපා ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ කොන්දේසිවලට යටත්ව වාරියපොළවත්ත කසළ අංගණයට කසළ බැහැර කිරීමේ හැකියාව තිබූ බවත්ය. මාතලේ නගරයෙන් එකතු වන කසළ වාරියපොළවත්ත කසළ අංගණයට බැහැර කිරීම කාලයක් තිස්සේ සිදු කළ අතර එම ස්ථානයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් 2008දී පමණ අවට පදිංචිකරුවන්ගෙන් විරෝධය…

Read More

ආණ්ඩුවට කිසිම වුවමනාවක් නෑ මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කරන්න. අද වෙන කොට හදන්න නොවයි හදපු ටික විකුණ ගන්න වැඩපිළිවෙළක් නෑ. එදා අපි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තා. අපි එතනෝල් පිටරටින් ගේන එක නැවැත්තුවා. ඒ නිෂ්පාදනය කරන ටික විකුණගන්න ඒ. නිසා අසීමිත ලාබයක් ලැබුණා. ඒ ලාබය සේවකයටදුන්නා, ලාභාංශ ගොවියට දුන්නා. අද මොකක්ද කරන්නේ ව්‍යපාරිකයන් කිහිපදෙනකුට ඕන විදිහට තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. මේක තමයි ඇත්ත කතාව යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.බුත්තල පැල්වත්ත කුකුරම්පොළ ප්‍රදේශයේ උක් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සුහද හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා ඒ අදහස් පළකර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කීය.ව්‍යපාරිකයන් කිහිපදෙනෙකුට ඕන විදිහට තීන්දු තීරණ…

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබීය. 2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල්…

Read More

හිටපු මැති ඇමති පක්ෂ නායකයන් 30 කට වැඩි පිරිසක් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගොස් පසුගිය ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ හිටපු ඇමතිවරු සහ දේශපාලන පක්ෂ නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැත්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී අද පැවැත්වෙන මෙමසාකච්ඡාවට හිටපු ඇමතිවරු 30 කට වැඩි පිරිසක් සහ පක්ෂ නායකයින් හා නියෝජිතයින් එක්වීමට නියමිතය. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට හැකිවන පරිදි පක්ෂය සූදානම් කිරීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මාධ්‍ය…

Read More

2025 ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව මොනරාගල, නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර් 40,000 ක පමණ ප්‍රමාණයක් රක්ෂිතයක් බවට පත් කිරිමේ උත්සවය හා රක්ෂිතය ගැසට් කිරීමට අදාළ ලියවිලි සඳහා අත්සන් තැබීම ඊයේ (02) සිදු වුණා. ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය දමිත පටබැඳිගේ ප්‍රධානත්වයෙන් මොනරාගල රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේදී එය සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය වන අතර, මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වන බවයි සඳහන් වෙන්නේ.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා. ඔවුන් දෙදෙනා අද (03) අදින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියමකර තිබෙනවා. පුද්ගලයින් 15 දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබාගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80 කට වැඩි මුදලක් පාඩු කළ බවටවන චෝදනාවකට අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර තිබුණා.

Read More