Author: Bandara Senanayaka

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරුවන් අප්‍රේල් 2වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසීය. ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධවද ජනාධිපතිවරයා අද පැහැදිලි කිරීමක් සිදු කළේය. ජනාධිපතිවරයා පෙන්වා දෙනුයේ තෙල් සංස්ථාව විසින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් සහ 43% පෞද්ගලික අංශය විසින් සපුරන බවය. ඒ අනුව පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා ඇති බවත් ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව හැකි ඉක්මනින් තීරණයක් ගත යුතුව ඇති බවත්ය. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “මාර්තු මාසේ 24-25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක් එන්න තිබුණා අපිට බොරතෙල්…

Read More

ඉරාන නෞකාවලට මෙරට මුහුදු සීමාවට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමක් සිදු කළේය. ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය පෙබරවාරි 26 වැනි දින මාර්තු 9-13 දිනවල මෙරට සහයෝගීතා වර්ධනය කිරීම සඳහා පැමිණීමට අවසර ඉල්ලූ බවත් ඒ සම්බන්ධව මෙරට විසින් අධ්‍යනයක නිරත වෙමින් සිටි බවය. එමෙන්ම එදිනම සවස එක්සත් ජනපදය විසින්ද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට පැමීණීමටද අවසර ඉල්ලා සිටි සිටියද ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවයෙන් යුතුව කටයුතු කරමින් සිටින රටක් බැවින් එම රටවල් දෙකටම අවසර ලබා නොදීමටද පියවර ගත් බවය. ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා සිදුකරන සම්පූර්ණ ප්‍රකාශය පහතින්, “විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ…

Read More

ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඉරානයට එරෙහිව දැනටමත් දියත් කර ඇති ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් එරට පාලන බලය සම්පූර්ණයෙන්ම අඩපණ කරන බවට ඔහු ඉඟි කර ඇති බවද සඳහන් වෙයි. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ලබාගන්නා නමුත්, මේ සඳහා නිසි සහයෝගයක් ලබා නොදෙන මිත්‍ර රටවල් ඔහු දැඩි ලෙස විවේචනය කර ඇත. මාර්තු 1 වැනිදා සිට ඉරානය විසින් වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා අමෙරිකාවේ මිත්‍ර රටවල් මෙන්ම චීනය ද මැදිහත් විය යුතු බව ද ට්‍රම්ප් අවධාරණය කර…

Read More

බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන ඇත. ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ. එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, “අප හමුවන්නේ ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මොහොතක. වෙළෙඳ මාර්ග අවහිර වෙමින් පවතිනවා. තාක්ෂණික තරඟකාරිත්වය ජාතීන් අතර බලතුලනය නැවත හැඩගස්වමින් පවතිනවා. ලොව විවිධ කලාපවල යුද්ධ දිගින් දිගටම ඇවිලෙමින් පවතිනවා. නිරවි යුද්ධයෙන් පසු බිහිවූ ලෝකය දැන් වෙනස් වෙමින් පවතිනවා.” “කලක් දුරස්ථ හෝ ද්විතීයික ලෙස සැලකූ උපායමාර්ගික කලාප දැන් ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. ඉන් එක්…

Read More

ඊශ්‍රායලය විසින් ඊයේ (17) රාත්‍රියේ ඉරානයට එල්ලකළ ප්‍රහාරවලදී ඔවුන්ගේ බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ද ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කර තිබේ. කෙසේ වෙතත් ඉරානය මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට එරට බුද්ධි අංශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. මියයන විට 65වන වියේ පසුවූ කාතිබ්, එම තනතුරට තේරීපත් වූ 8වන පුද්ගලයා විය. ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායලය කාතිබ්ගේ ඝාතනයද මෙලෙස අනාවරණය කර තිබේ. ඉරානයේ නව…

Read More

මුලතිව්, මාන්කුලම් ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 53ක් වූ පුද්ගලයෙක්. මෙම අනතුරට මුහුණ දුන් පාසල් සිසුන් තිදෙනෙක්ද රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read More

මධ්‍ය කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වසරේදි විශේෂ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එම වැඩසටහන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම අධිකාරියට, කෘෂි කර්මාන්ත, වාරිමාර්ග, වනජිවී වන සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් හා යළි පදිංචි කිරීම් යන සියලුම සැලසුම් නිර්මාණය කිරීම සඳහා බලය ලබා දෙන බවය. මේ හරහා පූර්ණ රැකවරණය හා බලය ලබා දෙන ශක්තිමත් නීතියක් සකස් කිරීමට…

Read More

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) අදහස් පළ කළේය. ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ මහතා සම්බන්ධව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම කමිටුව නියෝජනය කළ බවය. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 19 වැනි දින මෙම විමර්ශන කමිටුව පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන පැවැත්වීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කළ බවත්…

Read More