Author: Bandara Senanayaka

අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි විශ්වාසභංග යෝජනාව කිසිසේත්ම ආපස්සට ගෙන නොමැති බවත් එය නියමිත වේලාවට ඉදිරිපත් කරන බවත් හරි නම් අගමැතිනිය ඊට පෙර අධ්‍යාපන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අගමැතිනිය අපොහොසත් වීම නිසා මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ ජනාධිපතිවරයා එම ප්‍රසංස්කරණ නැවැත්වීමට ක්‍රියාකර තිබෙන බවත් මේ නිසා අගමැතිනිය වහාම කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට එය භාර දීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 50කට වඩා අධික…

Read More

හෙරොයින් ජාවාරමේ නිරත වූ බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය ඊයේ (26) රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් හා එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක රුපියල් 26,000 ක මුදලක්ද සමගයි. බදුල්ල කයිලගොඩ පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට පත් පොලිස් නිලධාරිනිය සමග ජාවාරමට සම්බන්ධ හා හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට තවත් සැකකාරියන් තිදෙනෙකු මෙන්ම සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස එකම පවුලක ඥාති පිිරිසක් බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකාරිය හර්මන් වත්ත, ගංඉම, දොඩංගොඩ පදිංචි…

Read More

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කර තිබේ.

Read More

නිධානයකින් ලබා ගත් බව කියන පුරාවස්තු යැයි සැක කරන කළු ගලින් නිර්මාණය කර ඇති විවිධ හැඩයේ තෙල් මුට්ටි ලෙස හඳුන්වන ලද කැටයම් සහිත ගල් තුනක් රුපියල් කෝටි 15කට විකිණීමට සැලසුම් කළ හෝටල් හිමිකරුවකු සහ රාජ්‍ය ආයතනයක සේවකයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා. හෝටල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම තෙල් මුට්ටි තුන සමග මොරටුව කුරුස හන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ හෝටලයේදීයි. එමෙන්ම රාජ්‍ය සේවකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, සව්සිරිපාය රාජ්‍ය ආයතනයක් තුළදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 41 සහ 53 අතර පසුවන තෙළවල සහ මොරටුව පදිංචිකරුවන්. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු…

Read More

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116ක් සහ විපක්ෂව ඡන්ද 23ක් හිමි වුණා. ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සහ සයිබර් හිරිහැර (Cyberbullying) වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා. මෙම නීතිය සම්මත වුවහොත්, වයස 15ට අඩු දරුවන්ට Snapchat, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට නොහැකි වනු ඇති. එසේම කනිෂ්ඨ සහ මධ්‍යම පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන ජංගම දුරකථන තහනම ජ්‍යෙෂ්ඨ පාසල් දක්වා දීර්ඝ කිරීමටද මෙහිදී යෝජනා වී…

Read More

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන මස ආරම්භ වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඇතුළු සියලු විකල්ප තවමත් විවෘතව පවතින බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සභාපති මොහොසින් නක්වි පවසනවා. ඊයේ (26) පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. එසේම තරගාවලියට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා (ජනවාරි 30) හෝ සඳුදා (පෙබරවාරි 2) දින ලබා දීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා. පාකිස්ථානය තරගාවලියට සහභාගී වුවද, ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය පමණක් වර්ජනය කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඉන්දියාවේ…

Read More

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන් වේ.…

Read More

කවුරු විවේචනය කළත් තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත්, තමන් පැවසිය යුතු දේ නිවැරදිව ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. ‘ගැහුවොත් ගහනවා’ යනුවෙන් තමන් සිදු කළ ප්‍රකාශයට සිහි බුද්ධියෙන් සවන් දෙන්නේ නම්, එහි අර්ථය ඕනෑම අයෙකුට වටහා ගත හැකි බවයි අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. රජය හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය, ‍’පරිවර්තනයන්’ සිදු කිරීමට උත්සාහ කරන බව ද, අධ්‍යාපන, කෘෂිකාර්මික, ඩිජිටල් සහ දේශපාලන යන ක්ෂේත්‍රවල පරිවර්තනයන් සිදු කරමින් පවතින බව ද ඔහු පවසා සිටියා. පැරණි දේශපාලන සංස්කෘතියත්, එයින් පෞද්ගලික වාසි ලැබූ පිරිසත් මෙම නව වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, ජනතාව සමඟ සම්බන්ධ වී එය පරාජය…

Read More

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2025 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 130ක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ. එම අත්අඩංගුවට ගැනීම් අතරින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙන් වන අතර එම සංඛ්‍යාව 30කි. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 9 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වන බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය. පොලිසියට අමතරව…

Read More

ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව බිහි වූ දුර්වලම ආණ්ඩුව නිර්මාණය වී ඇති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා. එම දුර්වල ආණ්ඩුව හේතුවෙන් රාජ්‍යයත් දුර්වල වී යන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. රාජ්‍යය සහ ආණ්ඩුව යනු දෙකක් බවත්, රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් නීතිපති පත් කර, ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නැටවිය හැකි පුද්ගලයන් දමා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Read More