Author: Bandara Senanayaka

කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ. එහිදී බඩ ඉරිඟු කිලෝ 27,142ක්, සෝයා ඇට කිලෝ 9,193ක් සහල් කිලෝ 3,620ක් සහ මුං ඇට කිලෝ 2,320ක් රඳවා තබා සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. එහිදී එම සාම්පල කෘමි හානි සිදුව ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ගබඩා හිමිකරු කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී කුරුණැගල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ගබඩා හිමිකරුට රුපියල් 50,000ක දඩයක් නියම කළ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 42,275ක් වූ ධාන්‍ය තොග විනාශ කිරීමටද නියෝග කර ඇත. ගනේවත්ත සෞඛ්‍ය…

Read More

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වන පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් යොමු කර ඇත. එම වාර්තාව අනුව කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨඵල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති අතර මෙම පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙකුද යොදවා ඇති බවත්, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත…

Read More

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු එළැඹෙන 2026 වර්ෂයට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. එහිදී අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී. 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර්…

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන ඇති පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ වෛද්‍යවරිය තමාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව සිය අතෙහි සටහනක් තබා ඇති බවය. එහි ඇය සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට කායික හා මානසික හිරිහැර සිදු කිරීම හේතුවෙන් තමා මෙසේ සිය දිවි නසා ගන්නා බවය. වැඩිදුරටත් ඇය එහි දක්වා ඇත්තේ පසුගිය මාස පහ පුරාවටම එක් පොලිස් නිලධාරියෙකු විසින් තමා කිහිප වතාවක්ම දූෂණයට ලක් කර ලිංගික හිරිහැර කළ බවත් අනෙක් නිලධාරියා විසින් තමාට මානසික හිරිහැර කළ බවත් ය.…

Read More

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු එහිදී ජනපති ට්‍රම්ප්ගේ පියවර හඳුන්වා ඇත්තේ බරපතළ කාරණයක් ලෙසය. එහෙත් එම සම්බාධක රුසියානු ආර්ථිකයට බලපෑමක් කිරීමට තරම් ශක්තිමත් නොවන බව ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ ඊට දැඩි ප්‍රතිරෝධයක් දක්වමිනි. සම්බාධකවලින් යම් බලපෑමක් ඇතිවන නමුත් එය කැපී පෙනෙන වෙනසක් ඇති නොකරනු ඇති බව පුටින් පවසා ඇත. එමෙන්ම එය මිත්‍රශීලි ක්‍රියාවක් නොවන බවත්, නැවත ප්‍රකෘතිමත්වීම ආරම්භ වූ රුසියානු අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමට සහායක් නොවන බවත් පුටින් ප්‍රකාශකර තිබේ. ඒ වගේම නව සම්බාධක සහ ට්‍රම්ප් – පුටින් හමුව කල්දැමීම නොතකා රුසියානු නායකයා තමන්…

Read More

සර්වජන බලයේ නව විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිතීඥ මධුර විතානගේ මහතා පත් කර තිබේ. ඒ මහතාගේ පත්වීම් ලිපිය අද (24) පෙරවරුවේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් මධුර විතානගේ මහතා වෙත ලබා දුන්නේය. ඒ කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදීය. මධුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා කාලය තුළ කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර පසුගිය 2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම පසුගිය 2020-2024 කාලයේදී ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 151 වන සමුළුවට සහභාගී වී තිබෙනවා. පසුගිය 19 වනදා සිට 23 වනද‍ා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 151 වන සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර ” අර්බුද සමයන්හිදී මානුෂීය සම්මතයන් ආරක්ෂා කිරීම සහ මානුෂීය ක්‍රියාකාරකම්වලට සහාය වීම” මෙවර එම සමුළුවේ තේමාව වනවා. ඒ අනුව, පවත්නා ගෝලීය මානුෂීය අභියෝගවලට එරෙහිව, ජාත්‍යන්තර මානුෂීය නීතිය ආරක්ෂා කිරීම, ඒ සඳහා බහුපාර්ශ්වික කැපවීම් ශක්තිමත් කිරීම සහ ගැටුම් සහ අර්බුදකාරී අවස්ථාවන් සඳහා සාධනීය මානුෂීය ප්‍රතිචාරයක් සහතික කිරීම උදෙසා පාර්ලිමේන්තු සතු කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ලොව…

Read More

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන එල්ල වී ඇති බව එම මන්ත්‍රීවරයා විසින් අද පාර්ලිමේන්තුවෙදී පවසා සිටියා. පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නිකුත් කරන ලද රහස්‍ය වාර්තාවක් සභාගත කරමින් ඔහු මේ බව සඳහන් කළා. එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ නිවසේ සිට වාහනෙන් එළියට පැමිණෙන අවස්ථාවේදී එම මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට සැලසුමක් පවතින බවත් ඒ පිළිබද සොයා බලන ලෙසටත් වනවා. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical

Read More

දංකොටුව බාලිකා මහා විද්‍යාලය ඉදිරිපිට ඉඳිකළ නව ස්මාර්ට් බස් නැවතුම්පොළ අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical

Read More

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමිනි. එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටුකිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවය. මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ…

Read More