මුහුදේ ඇති ඉරාන තෙල් නැව් සඳහා පනවා ඇති සම්බාධකවලින් ලබා දී තිබූ දින 30ක සහන කාලය මෙම සතියේදී අවසන් වන නමුත්, එය තවදුරටත් අලුත් නොකිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.
එමෙන්ම රුසියානු තෙල් සඳහා ලබා දී තිබූ එවැනිම සහනයක් පසුගිය සති අන්තයේදී නිහඬවම අවසන් වීමට ඉඩ හැරි බව පරිපාලන නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇති බව සඳහන්.
එක්සත් ජනපදය මේ වන විට ඉරාන වරායන්ගෙන් සිදුවන නැව්ගත කිරීම් සඳහා නාවික අවහිරතාවයක් පනවා තිබෙනවා.
අඟහරුවාදා ගත් මෙම පියවර හරහා භාණ්ඩාගාරය ඉරානයට එරෙහිව සිය උපරිම ආර්ථික ශක්තිය යොදවන බව සංඥා කරන බවයි නිලධාරියෙක් පවසා ඇත්තේ.
මෙය ඉරානයට එරෙහිව එක්සත් ජනපදයේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) හමුදා මෙහෙයුමට සමගාමීව ගන්නා ලද්දක්.

