Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි
    උණුසුම් පුවත්

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමග යුද්ධයකට අවතීර්ණ වූයේ එරට පාලන තන්ත්‍රයේ නායකත්වය වෙනුවට හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) පත් කිරීමේ අරමුණින් යුතුව බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) පුවත්පත වාර්තා කර තිබෙනවා.

    මෙම සැලසුම පිළිබඳව දැනුවත් කර තිබූ අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර තිබුණේ, සැලසුම් කර තිබූ දේවල් ඉතා ඉක්මනින් අවුල් සහගත තත්ත්වයට පත් වූ බවත්, අහමදිනෙජාඩ්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙතෙක් කිසිවක් නොදන්නා බවත්.

    අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් අනතුරුව, ඉරානයේ පාලනය “එරට අභ්‍යන්තරයෙන්ම පැමිණි අයෙකු” වෙත පැවරීම වඩාත්ම සුදුසු වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දැක්වූ බව ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

    අහමදිනෙජාඩ්ව මේ සඳහා තෝරා ගැනීම අසාමාන්‍ය තේරීමක් යැයි පැවසීම ඉතාමත් අවතක්සේරු කිරීමක් යනුවෙන් එම පුවත්පත පෙන්වා දී තිබෙනවා.

    “ඔහු ඉරාන පාලන තන්ත්‍රයේ නායකයන් සමග වඩාත් ගැටුම් ඇති කරගෙන තිබූ අතර ඉරාන බලධාරීන්ගේ දැඩි නිරීක්ෂණයට ද ලක්ව සිටියේය. එසේ වුවද, 2005 සිට 2013 දක්වා පැවති ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමිය යුතුයි’ යනුවෙන් කළ ප්‍රකාශයන් නිසාය. ඔහු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි ආධාරකරුවෙකු වූ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචකයෙකු මෙන්ම අභ්‍යන්තර මතභේද සහ විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට ද ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.” යනුවෙන් ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත්, 2019 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අහමදිනෙජාඩ් ජනාධිපති ට්‍රම්ප්ව ඇගයීමට ලක් කර ඇති අතර, ඉරානය සහ අමෙරිකාව අතර සබඳතා යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් තර්ක කර ඇති බව ද එම පුවත්පත සටහන් කර තිබෙනවා.

    “ට්‍රම්ප් යනු ක්‍රියාවෙන් වැඩ පෙන්වන මිනිසෙක්. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර එම නිසා පිරිවැය සහ ප්‍රතිලාභ ගණනය කර තීරණ ගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. අප ඔහුට පවසන්නේ, කෙටිදෘෂ්ටික නොවී අපේ රටවල් දෙකේ දිගුකාලීන පිරිවැය-ප්‍රතිලාභ ගණනය කර බලමු කියායි.” යනුවෙන් අහමදිනෙජාඩ් පවසා ඇති බව එහි උපුටා දක්වා ඇති බව සඳහන්.

    වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා දියත් කළ විශේෂ බලකා ප්‍රහාරයේ සාර්ථකත්වය සහ ඔහුගේ තාවකාලික අනුප්‍රාප්තිකයා වූ ඩෙල්සි රොඩ්රිගස් ධවල මන්දිරය සමග වැඩ කිරීමට දැක්වූ කැමැත්ත පිළිබඳව ජනපති ට්‍රම්ප් මහත් තෘප්තියට පත්ව සිටි බවත්, එම ආකෘතියම ඉරානය තුළ ද නැවත ක්‍රියාත්මක කළ හැකි බව ඔහු විශ්වාස කළ බවත්, ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    May 21, 2026

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    පසු­ගිය කාල­යේදී රට පුරා ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට ලක් වූ කඩා­බිඳ දමන ලද කුරු­ණෑ­ගල ඉපැ­රැණි රාජ­සභා මණ්ඩ­පය…

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.