සිය පෙම්වතා විසින් පහරදී මරණීය තර්ජන සිදුකර රුපියල් ලක්ෂ 60ක මුදලක් බලෙන් ලබාගත් බව කියමින් නැගී එන නිරූපණ ශිල්පිනියක් වන සාරංගි සංගීතා කොල්ලුපිටිය පොලිසියට සිදු කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම කොල්ලකෑම පසුගියදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී සිදුව ඇතැයි පොලිසිය පවසයි.

තමන් පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන තරුණයා සමගින් මෙම හෝටලයට පැමිණි බවත් පසුගිය 12 වැනිදා රාත්‍රියේ හෝටල් කාමරයේ සිටියදී පෙම්වතා තමන් බියවද්දා තම ජංගම දුරකථනය ලබාගෙන ජංගම දුරකථනය ඔස්සේ තම ගිණුමෙන් රුපියල් ලක්ෂ හැටක මුදලක් ඔහුගේ ගිණුමට බැරකර ගත් බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.

පසුව පෙම්වතා තමන්ට පහරදී තමාට මරණීය තර්ජන සිදුකර තමන් හෝටල් කාමරයේ තබා පිටව ගිය බවත් පහරකෑමෙන් තුවාල ලද තමන් ප්‍රතිකාර ලැබ පැමිණිල්ල සිදුකළ බවත් නිරූපණ ශිල්පිනිය කළ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

Share.
Leave A Reply

Exit mobile version