ඊයේ (01) රාත්‍රියේ රාගල, බෘෘක්සයිඩ් වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, ගින්නෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය ගිනි නිවන ඒකකය, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ

Share.
Leave A Reply

Exit mobile version