මෙක්සිකෝවේ බටහිර නයාරිට් (Nayarit) ප්‍රාන්තයේ ඊයේ (01) සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජලිස්කෝ (Jalisco) ප්‍රාන්තයේ සිට ගමන් කරමින් තිබූ මෙම බස් රථය, අමට්ලාන් ද කනාස් (Amatlan de Canas) නගරය අසලදී මහා මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගිය බවයි නයාරිට් ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත්තේ.

නිලධාරීන්ට අනුව, මගීන් නයාරිට්හි විනෝද මධ්‍යස්ථානයක් කරා යමින් සිට තිබෙනවා.

නයාරිට් සහ ජලිස්කෝ ප්‍රාන්තවල හදිසි සහන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී, මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට සහ අනතුරට හේතුව විමර්ශනය කිරීමට මාර්ගය වසාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version