2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය ඊයේ (01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියා.

ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථාවේදී ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර ඊට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි මෙන්ම ශ්‍රී ලංකා හජ් කමිටුවේ පිරිසක් ද එක්ව සිටි බවයි.

මේ වසරේ හජ් වන්දනාව සඳහා 3,500 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version