අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් නිසා සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරිමට විශ්ව විද්‍යාල පාලධිකාරිය පියවර ගෙන තිබෙනවා.තාක්ෂණ පිඨයේ සිසුන් පිරිසක් විසින් ඉකුත් (04) වැනි දින රාත්‍රි ඩි.ජේ සංගිතයක් පවත්වා ඇති අතර එම ස්ථානයට කළමණකාර පීඨයේ සිසුන් පිරිසක් පැමිණීමත් සමග මේ ගැටුම ඇතිවි ඇතැයි වාර්තා වෙනවා.
පසුව අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් දිසානායක ඇතුලු කණ්ඩායමක් විශ්ව විද්‍යාලය තුළට ගොස් ගැටුම සමථයකට පත්කර තිබෙනවා.ඒ අනුව කළමණාකරණ පීඨයේ තෙවන වසර සහ සිව්වන වසරේ සිසුන් 10 දෙනෙකු ගේ පන්ති තහනම් කර කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණා.
ඒ අනුව එම සිසුන් 10 දෙනා විශ්ව විද්‍යාලයෙන් නිවෙස් කරා යැවිමට පාලනධිකාරිය පියවර ගෙන තිබෙනවා.දැනට අක්කරපත්තුව පොලිසිය සහ විශ්ව විද්‍යාල පාලනධිකාරිය මේ පිලිබදව පරික්ෂණයක් පවත්වමින් සිටිනවා.


