300% කින් ජීවන වියදම වැඩිවී ඇති නිසා ඊට සාපේක්ෂකව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට ක්‍රියාකරන්නේ කවදාද කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අද(08)දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කල්,තැබීමේ විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.

”මාස 6 න් 6ට වැටුප් වැඩිකරනවයි කියලා මැතිවරණයට කලින් මාලිමාව ප්‍රකාශ කළා.ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉන්ධන, විදුලිය,ගෑස් මිල වැඩිවෙලා. ඊට සාපේකෂව ජීවන වියදම 300% කින් ඉහළ ගිහිල්ලා.ඉහළ ගිය ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිවනතුරු ජනතාව බලා සිටිනවා.පෞද්ගලික අංශයේත් ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකිරීමට රජය මැදිහත් විය යුතුයි.”

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මෙහිදී අදහස් ප්‍රකාශ කළා.

”ගල් අඟුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මත දෙකක ඉන්නවා. මීට කලින් කිව්වා ගල් අඟුරුවල ගැටළුවක් නැහැ කියලා.දැන් කියනවා ගල් අඟුරුවල ගැටළුවක් තියෙනවා කියලා. දැන් කියනවා ගල් අඟුරු කාලා බැලුවේ නැතිලු. ගල් අඟුරු කාල බැලුවේ නැති වුණාට ගල් අඟුරු නැවෙන් නම් හොඳටම කාලා තියෙන බව පේනවා.ඒක විගණකාධිපති වාර්තාවෙනුත් හෙළිවෙනවා. මේ ගල් අඟුරු සමාගම ලියාපදිංචි වෙලා නැහැ. ගල් අඟුරු පිළිබඳ ලැබ් රිපෝට් එකත් පිළිගන්න බැරිලු. ඒ ලැබ් එකත් ලියාපදිංචිවෙලා නැහැ. ඇයි මෙහෙම හොර, බොරු කරන්නේ.මේ ගල් අඟුරු වංචාව සෘජුවම තෙල් මිල සහ විදුලි මිල වැඩිකිරීමට සෘජුවම බලපාලා තියෙනවා.”

Share.
Leave A Reply

Exit mobile version