සිංහල දෙමළ අලූ‍ත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි.

මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලට, මධ්‍යම බස් නැවතුම්පලට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයට මෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඊයේ ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ වෙත පැමිණි මගීන් චෝදනා කළේ ගම්බිම් වෙත යාමට අවශ්‍ය පරිදි බස් රථ නොමැති බවටයි.

ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අදත් කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ, බස් ගාස්තු වැඩියෙන් අයකරන පුද්ගලයන් පිළිබද තොරතුරු ලබාදිය හැකි අතර, ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවයි.

එසේම, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය හැර සෙසු දුම්රිය මාර්ග ඔස්සේ උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර අද දිනයේදීත් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

Share.
Leave A Reply

Exit mobile version