අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන් අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (08) මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ, රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදීයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර, පසුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ද ජාතික ජන බලවේගයට හිමිවුණා.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version