Author: Bandara Senanayaka

දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ බදු ඉහළ දමා ඇති බව වාර්තා වේ. මෝටර් රථ, දැව සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙලෙස 15% සිට 25% දක්වා බදු ඉහළ දමා ඇති බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත. කෙසේවෙතත් මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව පැවසූ දකුණු කොරියාව, ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීම අපේක්ෂා…

Read More

මොරොන්තුඩුව ප්‍රදේශයේදී අද (26) සවස සිදුවූ රිය අනතුරකින් එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසනවා. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්. පොලිස් වාර්තාවලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය මේ වන විට ගෝනදුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කළේය. යහපාලන ආණ්ඩු සමයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමුවරට විමර්ශන ආරම්භ කරනු ලැබීය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…

Read More

උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක්, ජංගම දුරකථනයක්, තරාදි 02ක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත. පොලීසිය පැවසුවේ සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 03කට අධික වන බවය. බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු…

Read More

ලොව ප්‍රකට අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනෝල්ඩ් විසින් තායිවානයේ උසම ගොඩනැගිල්ල වන Taipei 101 (තායිපේ වන් ඕ වන්) ගොඩනැගිල්ල තරණය කර වාර්තාවක් තබා තිබෙනවා. ඒ, මීටර් 508ක් උසැති එම ගොඩනැගිල්ල කිසිදු ලණුවක් හෝ ආරක්ෂිත ආම්පන්නයක් නොමැතිව තරණය කළ ප්‍රථම පුද්ගලයා ලෙසයි. ගොඩනැගිල්ලේ ඇති වානේ බාල්ක සහ වීදුරු මතුපිට උපයෝගී කරගනිමින් ඔහු තම දෑත් සහ දෙපා ආධාරයෙන් ඉහළට නැග තිබූ අතර ඇතැම් අවස්ථාවල ගොඩනැගිල්ලේ ඉහළම කොටසේදී දැඩි සුළං තත්ත්වයකට මුහුණ දීමට ද ඔහුට සිදුවුණා. මේ සඳහා ඇලෙක්ස්ට ගතවූ කාලය පැය 1යි විනාඩි 31යි තත්පර 35 ක් වන අතර, මෙම තරණය Netflix හරහා සජීවීව විකාශය කිරීම ද විශේෂත්වයක්.

Read More

අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එහි නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ ගුවන් ගමන් 10,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇතැයිද සඳහන් වේ. එක්සත් ජනපද බලධාරීන් අපේක්ෂා කර ඇත්තේ මෙම සුළි කුණාටු තත්ත්වයෙන් අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසකට බලපෑම් ඇති විය හැකි බවය. මේ අතර පවතින තත්ත්වය මත එරට ප්‍රාන්ත කිහිපයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබුණි. ඒ අනුව හදිසි අවස්ථාවන්හිදි මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවත්…

Read More

අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවය. ඒ අනුව, 01.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම 02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම. 03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.…

Read More

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවය. මේ අතර විශේෂඥයින් මත පළ කරනුයේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත්ය. එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර…

Read More

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මාතර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…

Read More