Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිය. ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ. මේ අතර ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
වෙඩි වැදීම හේතුවෙන් අම්පර දිස්ත්‍රික්කයේ මහ ඔය සමගිපුර ප්‍රදේශයේ හේනක අසාද්‍ය තත්වයේ වැටී සිටින ජීවිතය අයදින වන අලියෙකු පිළිබඳ පුවතක් හස්තිරාජ පරපුර ෆේස් බුක් පිටුව වාර්ථා කර තිබෙනවා ”සති දෙක තුනක් වෙනවා වනජීවී එක දැනුවත් කරලා පෙරේදා ඇවිල්ලා අලි වෙඩි දාලා එලෙව්වා සතාව.බෙහෙත් කලේ නෑඌට ඇවිදගන්න බැරුව දවස් 4ක් මේ හරියෙ නොන්ඩි ගහ ගහ හිටියා.දැන් ඇවිද ගන්න බැරුව වැටිලා ඉන්නවා .වනජීවී දෙපාර්තමේන්තුවේ අම්පාර ප්‍රදේශය බාරව සිටින වනජීවී පශුවෛද්‍ය තුමනි ඔබ තුමා ප්‍රදාන අදාළ නිළදාරීන් මෙහෙමද අසරනව තුවාල උන අලියකුට ප්‍රතිකාර කරන්නේ. සතාගේ ජීවිතේ බේරගන්න පුලුවන් වෙලත් මෙහෙම මෝඩ තකතීරු වැඩ කරනවා නම්.නමටද වනජීවී සංරක්ෂණයක්සත්තුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා දැන්වත්…
නව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම සියයට 26.9කින් පහත වැටි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 1,263.6ක ආදායමක් උපයාගෙන තිබුණි.එහෙත් 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන 923.4 දක්වා සියයට 26.9කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. 2023 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 4,184කි. 2024 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 286කින් අඩුවි තිබුණි. ඉකුත් වර්ෂයේ දි…
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය එන්ජිමේ හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී නතර කර තිබෙනවා. අද අලුයම 5.15ටයි මෙම දුම්රිය අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබුණේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ පසුව එහි සිටි මගීන් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය වෙත යොමු කළ බවයි.
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එච්.පි. නිරෝෂාන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබූ අතර, එය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා. බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස් ගතව සිටි කාලයේදී ඔහුට නොදන්වා මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි. කෙසේවෙතත් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙම සේවා දිගුව ලබා දී ඇති බැවින් එය වහාම අවලංගු කරන ලෙසටයි අමාත්‍යවවරයා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපදය විසින් සිය ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. USS Gerald R Ford නම් වූ මෙම ගුවන් යානය ගුවන් යානා 90ක් දක්වා රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව ද වේ. මෑත සතිවලදී එක්සත් ජනපදය විසින් කැරබියන් දූපත්වල සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටින අතර මේ සඳහා තවත් යුද නැව් 8ක් න්‍යෂ්ටික සබ්මැරීනයක් මෙන්ම F-35 ගුවන් යානාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ. පෙන්ටගනය මේ සම්බන්ධව නිවේදනය කර ඇත්තේ නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවය.…
ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී තත්ත්පර 11.53ක කාලයක් ගත කරමින් සෆියා යාමික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රිදී පදක්කම තත්ත්පර 11.72කින් තරගය අවසන් කළ අමාශා ද සිල්වා දිනා ගැනීමට සමත් වූවාය.
2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැත්වුණු ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබෙනවා. එහිදී දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවද ඉක්මවා පැය දෙකකින් පමණ පසු එක් පිලකට පන්දුවාර 34ක් බැගින් සීමාකර ආරම්භ කෙරුණා. නමුත්, පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 4.2ක් ක්‍රීඩා කරමින් සිටියදී යළිත් පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නැවැත්වීමට සිදුවූ අතර, ඒ වනවිට ඔවුන් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 18ක් රැස් කරගෙන සිටියා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 18කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. මෙවර උසස්වීම් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය සමගින් කණ්ඩායම් 18ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇති. මෙවර දෙදින තරගාවලියේ පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 8ක් බැගින් හිමිවන අතර, පළමු වටයේදී දස්කම් දක්වන එක් කාණ්ඩයකින් කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. මෙම දෙදින තරගාවලියේ පළමු වටය (ලීග් අදියර) 2026 ජනවාරි මස 31 දිනෙන් අවසන් වනවා. තරගාවලියේ අර්ධ…
2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ එක් එක් කණ්ඩායම සහභාගී වූ තරග 6ක් බැගින් අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 4 අතරට එක් වීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ පසුගියදා (23) සමත් වෙනවා. ඒ නවසීලන්තය කණ්ඩායමට එරෙහි ව ලත් ජයග්‍රහණයත් සමඟිනුයි. ඉන්දීය ක්‍රීඩිකාවන්ට තීරණාත්මක වූ එම තරගයේ දී කාන්තා එක්දින තරග ඉතිහාසයට නව වාර්තාවන් කිහිපයක් ද එක් කිරීමට ඔවුන් සමත් වෙනවා. 24 වැනි තරගය (දිවා/රාත්‍රී), DY Patil, ඔක්තෝබර් 23, 2025, ICC Women’s World Cup කාසියේ වාසිය – නවසීලන්තය ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 53ක ජයක්. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Smriti Mandhana (ඉන්දියාව) නිමා වූ තරගයේ සුවිශේෂී කඩඉම් 340/3 (49.0) : ඉන්දියාව විසින් මෙම…
