තායිලන්තයට ගොස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි චීවරධාරීන් 22 දෙනාට අමතරව. ප්‍රධාන සැකකරුවකු වන කඩවත ප්‍රදේශයේ හිමිනම මීට කලින් තායිලන්තයට යැවූ චීවරධාරීන් කීපදෙනෙකුම උන්හිටි තැන් වලින් අතුරුදහන් වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

පොලිස් කණ්ඩායම් තමන් හඹා එන බව සැලවී මෙම පිරිස මෙසේ උන්හිටි තැන් අත්හැර ගොස් තිබෙන බව, මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේම සිදුකර ඇති බව පොලිසිය විශ්වාස කරයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මුස්ලිම් ජාතිකයෙක් ද පොලිස් භාරයට පත්වී සිටින බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

මෙම චිවරධාරින් සියල්ලම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගෙන ඇත්තේ මෙම මුස්ලිම් ජාතිකයා විසින් බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව පරීක්ෂණවලට තායිලන්ත පොලිසියේ ද සහය ලැබී තිබේ.

Share.
Leave A Reply

Exit mobile version