Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මෙම වසරේ දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මේ වන විටත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරනු ලබයි. මේ අතර ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය පසුගිය වසරේ සිදුකිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර පෙති හා කරල් මිලියන 3625ක් මෙලෙස නිෂ්පාදනය කර තිබේ. එක් මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය වන පෙති හා කරල් මිලියන 385ක ප්‍රමාණය ගිය වසරේ මාර්තු මාසයේ නිෂ්පාදනය කර ඇති බව…
කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසි පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකි. ඔවුන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මෙම අපරාධය…
සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවය. ඒ අනුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන්ගෙන් නව වසරේ පළමුවෙන්ම යෙදෙන අලුත් සහල් මංගල්‍ය පෞරාණික චාරිත්‍රානුකූලය හා ආගමික වතාවත් අනුව අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදීදි සිදුවිය. ඒ ශ්‍රී දළදා මාළිගාවේදී වන අතර මේ සඳහා දළදා තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමියන්ගේ හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙන්ම අලුත් සහල් මංගල්‍යය සඳහා දළදා මාළිගාවේ කාර්යභාර නිලයන්ද එක්ව සිටියහ. නව වසරේ නැවුම් සහලින් ශ්‍රී දළදා සමිඳුන් පිදීම පෙර රජ දවසේ සිටම සෑම වසරකම දුරුදු පුන් පොහෝ දින සිදුකරනු ලබයි. ශ්‍රී දළඳා මාළිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගන්නා වී අස්වැන්නේ අග්‍රඵලය පල්ලේකැලේ පිහිටි ශ්‍රී දළඳා…
වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ. ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් එරට වේලාවෙන් මේ වන විට පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීය. එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් සිටියේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවය. එමෙන්ම මේ වන විට වෙනිසියුලානු ජනාධිපතිවරයා එක්සත් ජනපද ග්‍රහණයේ සිටින බැවින් ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය. වෙනිසියුලාව සමග එක්සත් ජනපද…
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුඑ වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ…
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත.
මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇතිවූ බවය. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබේ. ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වූ බව ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි. භූ කම්පනයේ අපිකේන්ද්‍රය අසල කුඩා ගම්මානයක ජීවත් වූ 50 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවස කඩා වැටීමෙන් මිගොස් ඇති බව ගුවෙරේරෝ ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත. එමෙන්ම ගුවෙරේරෝ අගනුවර වන චිල්පන්සිංගෝ හි රෝහලකට විශාලහානි සිදුවී…
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඊයේ (02) දහවල් කාලයේදී මේ පිළිබඳව අනාවරණය වී ඇත. මෘතශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවේ. කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (3) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.
