Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) රාත්‍රියේ පණිවුඩයක් ලැබී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවසක් අසල වැටී සිට ඇත. එහිදී එම දරුවා නූරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙම මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්…
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී ඇත.ඒ අනුව 2026 වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයක්. ශාසන ඉතිහාසයේ සඳහන් ලෙස මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්‍ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුව තිබෙනවා.එහිදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි කේශ ධාතු මිටක් ලබාදීම සිදුකර ඇත.එසේම එම ධාතු නිධන් කොට මහියංගන චෛත්‍යය ඉදිකර ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්. එමෙන්ම බිම්බිසාර රජු විසින් බුදුරදුන් ඇතුලු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකයි.තවද තුන්බෑ ජටිලයන් දමනය කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි…
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම අද (3) දිනයේ දී නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්…
තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. තිරගත වීමට සතියක් ඉතිරිව තිබියදී, පළමු දින ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක් චිත්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් මිලියන 150ක ආදායමක් උපයා ඇති බවයි සඳහන් වෙන්නේ. මෙහිදී විදේශීය ආදායම කැපී පෙනෙන අතර, උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පමණක් රුපියල් මිලියන 110ත් 120ත් අතර මුදලක් වාර්තා වී තිබෙනවා, ඉන්දියාව තුළ දැනට කර්නාටක සහ කේරළ ප්‍රාන්තවල පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කර ඇති අතර, එයින් මිලියන 30ක ආදායමක් ලැබී තිබෙනවා. තමිල්නාඩුව තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ පසු මෙම…
ලක් වනිතාව කවදත් එඩිතරය. ගැහැනිය ගෙයි මුල්ලට කර තිබූ යුගය නිමා කරමින් ඇය පිරිමින් හා කරට කර සිටින තත්ත්වයට ආවේ අද ඊයෙක නොවේ. එදා ගේ දොර බලා කියා ගනිමින් දරු මල්ලන් හදා වඩා ගනිමින් කල් ගෙවූ වනිතාව පසු කාලයේදී මුළු මහත් සමාජයම යහ මඟට ගනිමින් රට කරවන තත්ත්වයට ද පත්වූවා ය. අනුලා බිසව, සෝමාවතී දේවිය සහ විහාර මහා දේවිය යුගයෙන් යුගයට රට දැය වෙනුවෙන් පෙරට ආ එවන් කතුන් අතර විශේෂය.වත්මනෙහි රටේ පවතින කුරිරු යුද්ධය නිසා රට දැය වෙනුවෙන් දිවිපිදූ වීරයන් අතරට වීරවරියන් ද එක්ව සිටීම මුළුමහත් වනිතා පරපුරට ම ආඩම්බරයකි. අප මේ කතා කරනුයේ ද එවන් වීරවරියක් පිළිබඳව ය. රට…
2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය. අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර විය. 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17ක් ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉතිහාසයේ සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර…
වැටුණු රට ගොඩනැගීම සඳහා ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව උදාවූ නව වසර වෙනුවෙන් අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසති. “ලැබුවාවූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ශයක් වේවා කියලා ඉති සිතින් පාර්තනා කරනවා. වැටුණු රට නැවත ගොඩ ගැනීම සඳහා සෑම දෙනාම එකා වගේ සහයෝගයෙන් අපේ රට අපි කියන හැගීම ඇතිව මේ රට දියුණු කර ගැනීම සඳහා කවුරුත් වාද බේද නැතිව ක්‍රියා කරනවානම් හොදයි කියන එක විශේෂයෙන් සඳහන් කරනවා” ස්වභාවික විපත් හේතුවෙන් කඩා වැටුණු ලෝකයේ වෙනත් රටවල් ගොඩනැගී ඇති අයුරු ආදර්ශයට ගෙන ශ්‍රී ලාංකික ජනතාව ද රට ගොඩනැගීමට එක්විය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක…
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා දේහය මීට සුළු වේලාවකට පෙර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය. 91 වන වියේ පසුවූ ලතා වල්පොල මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ තැන්පත් කර තිබූ අතර, ඉන් අනතුරුව මෙලෙස බොරැල්ල පොදු සුසාන භූමිය වෙත භූමදාන කටයුතු සිදුකරීම සඳහා රැගෙන එනු ලැබීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරපත්කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (31) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබේ. කුඩා කල සිටම මේසපන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ තාවි සමරවීර මෑත කාලයේදි ශ්‍රී ලංකාවට මේසපන්දු ක්‍රීඩාවෙන් ඉතිහාසගත ජයග්‍රහණ රැසක් රැගෙන ආවේය. ඉතාලියේ ඉකුත්දා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ තාවි සමරවීර එහිදී අවුරුදු 11න් පහළ මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණේ ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂාතව ප්‍රදර්ශනය කරමින්ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 5වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තාවි සමරවීර මේ පුංචි වයසට දක්වා තිබෙන දක්ෂතා නම් සුළු පටු නැත.
