Author: Bandara Senanayaka

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද, ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය “සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර” මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා. ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් වැනි සංවේදී කණ්ඩායම් මෙම ප්‍රදේශවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව එම සංවිධානය පවසන්නේ. කෙසේ වෙතත්, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් මධ්‍යස්ථ හෝ යහපත් මට්ටමක පවතින බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ සඟරාව මගින් 2026 වසර සඳහා “ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. කලාපයේ අනෙකුත් ප්‍රමුඛ සංචාරක මධ්‍යස්ථාන අභිබවා යමින් ශ්‍රී ලංකාව මෙම ස්ථානය දිනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සතු “විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම්” මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. කලාපයේ අනෙකුත් ප්‍රමුඛ සංචාරක මධ්‍යස්ථාන අභිබවා යමින් ශ්‍රී ලංකාව මෙම ස්ථානය දිනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සතු “විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම්” මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබීම සුවිශේෂීයි. මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් මත පදනම්ව සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව සහ දැරිය හැකි පිරිවැය, සංස්කෘතික සහ…

Read More

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ වේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බවය. පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත/ පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05ක් දුම්රිය ධාවනය සදහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය,…

Read More

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (26) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Read More

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය. ඒ අනුව නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවත් එහිදී ඔහු පැවසීය. කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය. රේගු…

Read More

යුක්‍රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබේ. ඒ අමරෙිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදීය. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ නිවාඩු සති අන්තය හේතුවෙන් ට්‍රම්ප් සිය ජනාධිපති රාජකාරි කටයුතු සඳහා විරාමයක් ලබා දී ඇති බැවින් මෙම මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව පැවැති බවය. ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා සිය නියෝජිත පිරිස සමග එම මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා හමුව ඇත. ඊට යුක්‍රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්‍රේන හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටෝච් ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බවද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව යුක්‍රේන ජනාධිපතිවරයා…

Read More

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (28) සමත් විය. තරග 5කින් යුත් මෙම තරගාවලියේ තිරුවානන්දපුරම්හිදී ඊයේ (28) පැවැති තරගයේ දී කඩුලු 2කට ලකුණු 221ක් රැස්කරමින් ඔවුන් මෙම කඩඉම පසුකළේය. මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2024 වසරේ දී බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 217/4ක් රැස්කර තිබීමය. ඉන්දීය ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් දුන් ස්ම්‍රිති මන්දනා හා ශෆාලි වර්මා පළමු කඩුල්ලට ලකුණු 162ක් රැස්කළේය. එහිදී මන්දනා පන්දු 48කින් ලකුණු 80ක් රැස්කළ අතර, ශෆාලි වර්මා පන්දු 46කින් ලකුණු 79ක් රැස්කළාය. ඊට අමතරව රිචා ගෝෂ් පන්දු 16කට පමණක්…

Read More

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉහත ප්‍රදේශයන් හී ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතෙත් මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම…

Read More

මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙම මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.

Read More

දෝහා සිට අද (28) පෙරවරුවේ කටුනායක බලා පැමිණි ගුවන්යානයක් තුළ සැක සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටින බවට ලද තොරතුරක් හේතුවෙන් එම යානය විශේෂ සෝදිසියකට ලක්කර තිබේ. මගීන් 245 දෙනෙකු රැගෙන දෝහා සිට පෙ.ව. 8.27ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී තිබූ බව සඳහන් වේ. එම යානය තුළ කිසියම් පිපිරීමක් සිදු කරගැනීමට සූදාමින් පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවට කටුනායක ගුවන්තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය පණිවුඩයක් ලැබී තිබූ බව සඳහන්. ඒ අනුව ක්‍රියාත්මක වු ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඒ පිළිබඳ අදාළ යානයේ නියමුවාගෙන් විමසීමක් සිදුකර ඇති අතර, එහිදී එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යානය තුළ නොමැති බවට නියමුවා සඳහන් කර ඇත. කෙසේවෙතත් ගුවන් යානය ගොඩබැස්වීමෙන්…

Read More