Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
“හෙළයේ ගීත කෝකිලාවිය” කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒ මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට රජය තීරණය කළ බවය. දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934…
ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දෙසැම්බර් 16වනදා දක්වා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී තිබූ කාලය, ජනවාරි 16වනදා තෙක් දීර්ඝ කරන ලෙස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා සදහන් කළේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂ්ත්‍රයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවය. ව්‍යාපාරික ආයතනවලට සහ රටේ ජනතාවට ස්ථීර වශයෙන් ප්‍රාග්ධන ආයෝජනයක් සහ ණය ලබා ගැනීමේ දී සහන පොලී අනුපාතයක් සමග මෙම ව්‍යාපාර ගොඩ නගා ගැනීමට අවශ්‍ය සහයෝග ලබා දෙන ලෙස ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත. එහිදී අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා සාර්ථක පල නෙලා ගැනීමට සැබවින්ම අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරු සමග ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවක් සිදු කර නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි. එසේ සාකච්ඡාවන් සිදු නොකර ජනවාරි 5වනදා සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ජනවාරි 5වනදාට ප්‍රථම මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා අනෙක් පංති 5 තුළ සහ උසස් පෙළ පංති තුළ දැඩි…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය. එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විය ඇය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය…
වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධි කරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනෙකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත. කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස්…
නීතිඥවරියකට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (27) නියෝග කළා. ඒ මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) අධිකරණය හමුවේ යළ කැඳවූ අවස්ථාවේදි. මෙලෙස ඇප මත මුදා හැරියේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක ජී. ඩබ්ලිව්. ජයවර්ධන නමැත්තායි.
පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය. එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත…
අම්පාර පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්. පදියතලාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් තේක්ක කොට තොගයක කොටසක් අධිරණයට භාර නොදි පෞද්ගලික ලී මඩුවකට ගෙන යෑමේ සිද්ධියකට අදාලව කරන ලද පරීක්ෂණයක් මුල්කරගෙන මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ. මිට පෙර මෙම සිදුවිම පිළිබඳව පදියතලාව පොලිස් ස්ථානයේම පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම් වි තිබෙනවා. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝගය මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණා. මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් පරීක්ෂක රොහාන් ගුණසේන නිලධාරියාගේයි
