Author: Bandara Senanayaka

අද (27) දිනයේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව සඳහන්ය. ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.ඊශ්‍රායල්හි සිටින ශ්‍රී ලාංකිකයින් සමග තානාපති කාර්යාලයේදී මෙම විරෝධය එල්ලවී ඇත්තේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. එය පවත්වා ඇත්තේ, ඊශ්‍රායල්හි සේවය කරන ලාංකිකයින්ට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මේ පිළිබඳව පැහැදිළි කරමින් ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහන තබා තිබෙනවා ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ බව පැවසෙන සමාජ මාධ්‍යයන්හි පලවන වීඩියෝ හා හා පුවත් පිළිබඳව පැහැදිලි කිරීම. 2025 දෙසැම්බර් මස 24…

Read More

‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (26) ආරම්භ වූ සිව්වන තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් පළමු ඉනිමේදී දැවීගිය අතර, ඒ අනුව පළමු දිනයේ දී පමණක් කඩුලු 20ක් බිඳවැටුණි. මෙලෙස ‘අළු බඳුන’ තරග ඉතිහාසයේ පළමු දිනයේදී කඩුලු 20ම බිඳවැටී ඇත්තේ වසර 116කට පසුව වේ. අවසන්වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1909 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවති තරගයකදී බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි. අද ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 152/10කට දැවීගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110/10ක් පමණි. දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඔස්ට්‍රේලියාව ලකුණු 46ක් ඉදිරියෙන් සිටියේය.

Read More

⦁ ආණ්ඩුව වැරදිසහගතව මාධ්‍ය මාර්දනයක් කර තමන් වෙත පැමිණෙන චෝදනා යටපත් කරගැනීමේ උත්සහයක්?…….. මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර ආණ්ඩුව රාජපක්ෂවරු පිට පැටවිමට නිර්දය උත්සහයක යෙදුණද අවාසනාවන්ත ලෙස එම උත්සහය නැවත ඔවුන් වෙත පෙරලා පැමිණ ඇති බැවින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයක් කර තමන් වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය චෝදනාව යටපත් කිරීමට උත්සහ කරන බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.12.26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,“හිරු නාලිකාව ආණ්ඩුව ගෙනයන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගිසිටීම වෙනුවෙන් හිරු මාධ්‍ය සඳහා ගෙනයනු ලබන…

Read More

පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබු වී තොග සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති විසින් අනාවරණයක් සිදු කර තිබේ. අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු සඳහන් කළේ පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබූ වී ලංකා සතොස වෙළෙඳ ජාලයටත් වෙනත් නම් කරන ලද වෙළෙඳ ජාලවලටත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය. මෙවැනි ක්‍රමයක් භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙය බව පවසන සභාපතිවරයා මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් විශේෂයෙන්ම මෙහිදී ලියාපදිංචි, වී මෝල් හිමියන්ද මෙයට සහභාගී කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවත් ඔහු සඳහන්…

Read More

සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ සිසුවාගේ දෙමාපියන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය. ඊට හේතුව වී ඇත්තේ අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම බව සඳහන් වේ. අදාළ පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 16 හැවිරිදි වියේ පසුවන බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් පවසන්නේ සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර…

Read More

පොලිස් බියගැන්වීම් සහ නීති විරෝධී ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා රජය විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිවීමටත්, මාධ්‍ය නිදහසට බාධා කිරීමටත් උත්සාහ දැරීම දැඩි ලෙස හෙළාදකින බව SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති රාජු ලාමා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ගංජා පැල වැටලීමක් සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පසුගියදා පළකරන ලද පුවතකට අදාළව පොලීසිය කළ ඉල්ලීම නිදහස් ජනමාධ්‍යවේදයට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීමක් බවයි. SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SJF) මධ්‍යම කාරක සභාව විසින් අද( 26) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කරනවා. එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පසුගිය මාස 15 ක කාලය තුළ ජාතික ජනබලවේග ආණ්ඩුව මාධ්‍ය මර්දනයේ කැළඹිලි සහගත රටාවක් පෙන්නුම්…

Read More

දෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇතැයි පණිවිඩයක් ලැබී ඇති බවය. ඒ අනුව මහනුවර පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඒ සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය…

Read More

නුගේගොඩ, කොහුවල හන්දිය ප්‍රදේශයේ දී පසුගියදා සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවය. පසුගිය 22වනදා නුගේගොඩ මංසන්දිය සහ කොහුවල මංසන්ධිය අතර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ රාත්‍රීයේ මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය. මියගොස් ඇත්තේ 26 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව සඳහන් වේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Read More