Author: Bandara Senanayaka

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරන බව වාර්ථා වන්නේ ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්ය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාස තුනකට අධික කාලයකට පසු තංගල්ලෙන් සමුගෙන යළි කොළඹ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා.මේ වන විට නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක පදිංචි වී සිටින බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කරනවා.හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ, ඔවුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු ඇතැම් වරප්‍රසාද අහෝසි විය.ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවසින් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉවත් වුණා.නිල නිවසින් ඉවත් වූ හිටපු ජනාධිපතිවරයා පසුගිය මාස තුනකට වැඩි කාලයක් තංගල්ලේ “කාල්ටන්” නිවසේ රැඳී සිටියේය.කෙසේ වෙතත්,…

Read More

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකිව තිබේ. පසුගිය 22දා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි. අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරයි. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින්…

Read More

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවය. “කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය” ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු ඉදිරිපත්කර නොමැති අතර, අමෙරිකානු හමුදාව ‘දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදුකළ’ බව පමණක් තහවුරු කර ඇත. එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට සමෘද්ධිමත්වීමට…

Read More

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි. ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් විය. ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි. සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30…

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ. එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසීය. අද පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කළේය.

Read More

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (23) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485 දක්වා ඉහළ ‍ගොස් ඇත. මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇත. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 325,600ක් ලෙස දැක්වුණි. මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් විසින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අදාළ ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ එම සේවකයින් සඳහන් කර ඇත්තේ 2025 අගෝස්තු 26 දිනැති අංක 2451/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මගින් සමාගම්වලට අනුයුක්ත නොවූ සේවකයින් ලෙස ඔවුන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඉල්ලුම් කළ බවය. කෙසේ නමුත් එම ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න ලංවිම සේවක පිරිස මේ වන විට සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවද වාර්තා වේ. ඒ…

Read More

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවය. මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන්…

Read More

මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන්ස් බොක්ක ආසන්නයේදී කඩා වැටී තිබේ. අනතුරට ලක්වන විට යානයේ මගීන් 8 දෙනෙක් සිට තිබූ අතර ඔවුන්ගෙන් සිවු දෙනෙක් සිවිල් වැසියන් වූ අතර අනෙක් සිවු දෙනා මෙක්සිකෝ නාවික හමුදාවේ සාමාජිකයන්ය. අනතුරෙන් පස්දෙනෙක් මියගොස් ඇති අතර ඒ අතරට දෙහැවිරිදි දැරියක් ද අයත් වුණි. යානයේ සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි. පිලිස්සුම් තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ කඳවුරකට එක්වීමට එම යානය ගමන් කරමින් පැවති බවට මෙක්සිකානු නාවික හමුදාව ද තහවුරු කළේය. කලාපයේ පැවති ඝන මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි බලධාරීන් සැක පළකරයි.

Read More