Author: Bandara Senanayaka

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ ජන ජීවිතට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ආපදා අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම නිවාස 40කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යට වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා

Read More

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහිදි අනාවරණය වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටයි. ඒ අනුව සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග…

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඔන්ඩැන්සෙට්‍රෝන් ඉන්ජෙක්ෂන මාත්‍රාවක් ලබා පසුව මිය යාමේ සිද්ධියක් හමුවීමත් සමග, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) හා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPC) හි ඉහළ නිලධාරීන්ගේ අස්වීම ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සමිති එක්ව නිවේදනයක් නිකුත් කර තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය වෛද්‍ය සංගමය (MCRPA) සහ එක්ව ක්‍රියා කරන වෘත්තීය සමිති, රෝහල් ඖෂධ සැපයුමේ ගුණාත්මකභාවය පිළිබඳ ගැඹුරු ක්‍රමයේ අසමත් කමක් මතු වී ඇති බවට අනතුරු අඟවමින්, සෞඛ්‍ය අධිකාරීන්ගේ බරපතල නොසැලකිල්ල චෝදනා කරමින් NMRA හා SPC හි නිලධාරීන්ගේ ඉල්ලා අස්වීමක් ඉල්ලා සිටියි. MCRPA හි සභාපති චමල් සංජීව වෛද්‍යමහතා පවසා සිටියේ, මෙය හුදු හදිසි අනතුරක් නොව, වසර දෙකක් තුල…

Read More

රජයට රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයහමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවදේශීය අදායම් දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙතපසුගියදා දන්වා සිටියා.කෙටි කලකින් කෝටිපතිනියක් වුණේ යැයි කියන සම සුදුකරන ලොලියා නැමැති ආලේපන අලෙවි කරන ලෝලියා ස්කින් කෙයා පුද්ගලික සමාගමේහිමිකාරිනි පියුමි හංසමාලි ගෝමස් නැමැති වගඋත්තරකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් පතාඇතැයිද දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණය වෙත දන්වා සිටියා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි. ලිපියක් යොමුකරමින් දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කර ඇත. දයාසිරි ජයසේකර මහතා 2024 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබල වේගය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තුව සඳහා පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු මෙම ලිපිය යොමුකර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ලෙසය. පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්,

Read More

ගංවතුර හා නායයෑමෙන් පීඩාවට පත් ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. ඒ පන්විලතැන්න රණසිංහාරාම විහාරස්ථානයේදීය. සමාජ ක්‍රියාකාරී තරුණ නායක දිලීප සමරකෝන් මහතාගේ මූලිකත්වයෙන් මහර-කඩවත මානුෂීය හදවත්වල එකතුවෙන් මෙය සාර්ථකව සිදු කරන ලදි. මිහිර සිරිතිලක,ෆර්නි රෝෂනී,චින්තක පීරිස්,වොෂිකා පෙරේරා යන ප්‍රවීණ රංගන ශිල්පීන් ඔවුන්ගේ දායකත්වය සැපයීම මෙහි විශේෂත්වයකි. ඒ අනුව ගායන,වාදන,නර්ථන ආදියෙන් අවස්ථාව රසවත් විය. කලා ශිල්පීන් සම්බන්ධීකරණය කරනු ලැබුවේ සමාජ ක්‍රියාකාරී චාමර විජේසූරිය විසිනි. තවද දරුවන්ගේ මානසික මට්ටම නංවාලීම සඳහා මනෝ උපදේශකවරු යටතේ විවිධ ක්‍රියාකරම් රැසක් පැවැත්විය. දරුවන් නව පාසල් වාරයට සූදානම් කරවමින් ඔවුන්ගේ හිසකෙස් නිසි පරිදි කැපීමට කරණවෑමියන්ද සහභාගී වීම තවත් විශේෂත්වයකි. එමෙන්ම අවස්ථාවට සහයෝගය…

Read More

ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවය. ඒ අනුව විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. අදාළ සහන සැලසීම සඳහා සම්බන්ධවන පාර්ශ්වවලට අදාළ කාර්යභාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්. එමෙන්ම ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි ඇතුළත් වේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත්කළ…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

Read More

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇත. පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 53ක් හා කෑගල්ලෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 29ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වේ. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන්…

Read More