Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබේ. පොලිස් නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී ඔහු මෙම උපදෙස් ලබා දුනි. “සමාජ මධ්‍ය ගත්තාම ඉතාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරයේ තෝරාගත් කිහිපදෙනෙක්ටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ලකරමින් යනවා. එතකොට මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මේක දැන් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍යවල මේක විශේෂයෙන් කරන්නේ. මේක සාමාන්‍යකරණ වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි එතකොට මේ හදිසි අවස්ථා රෙගුලාසිවල…
ජාතින නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ වහා අත්අඩංගුවට ගන්නා ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔහු අධිකරණය මඟ හැරීම සම්බන්ධයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන හතලිහක් සිය පක්ෂයට ලබා ගනිමින් අවභාවිතා කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත. පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, , කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින්…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් කිලෝ එකක් රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා මිලකට අලෙවි වී ඇත. බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව වාර්තා වේ. රුපියල් 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකක මිල ද රුපියල් 100ත් 130 අතර මිලකට දඹුල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වී ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කළේ වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම මෙසේ මිල ගණන් ඉහළ යාමට බලපා ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.
කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.42ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය. ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.45ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය. තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල…
මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණි. ඒ අනුව, අද (31) උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, මුතුර් ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණි. නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක්, මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් සඳහා සූදානම්ව තබා ඇත. තවද, මෙම මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම නාවික හමුදාව අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (30) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 370ක් අතුරුදන්ව ඇත. පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 68ක්, කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 64ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක් හා කුරුණෑගලින් පුද්ගලයින් 35…
ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ අනතුරට ලක්විය. වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. එම යානය ගිංඔයට කඩා වැටී ඇති අතර, අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්ය.
