Author: Bandara Senanayaka

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) නිවේදනය කළේය. ඒ අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය. ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ. මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ තවත් දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය. එහිදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇති බව වාර්තා වෙයි.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති කරුවන් ගොනු කල මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොඩ් නිහාල් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවානඩුව මීට පෙර කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ගොනු කර තිබෙනඅධි චෝදනා පත්‍ර පවරා පවත්වාගෙන යෑමට නොහැකි බැවින් එම චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලාවිත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් හා අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු මතු කළාවිත්තිය ඉදිරිපත් කළ එම මූලික විරෝධතා සම්බන්ධවඅද දින තීන්දුව ලබා දුන් මහාධිකරණ…

Read More

මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ. නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ ධීවර යාත්‍රාව පසුගිය නොවැම්බර් මස 7 වන දින එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි. එම යාත්‍රාව අවිශ්ක පුතා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් පැවති බවත් මාලදිවයින් පොලීසිය තහවුරු කර තිබේ. එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාලදිවයින් පොලීසිය පැවසීය. අදාළ ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එරට අධිකරණය…

Read More

දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවයි වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් කියා සිටියේ. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකල බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් (10) දින දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටියේ. පවත්නා තත්වය මත නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස්…

Read More

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 340,525දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත් වේ. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි. එමෙන්ම විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන්…

Read More

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසීය. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මොහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ඥාතියෙකු බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත. පළාත් කාර්යාලයේ ලිපිනය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,03 වන මහල,නව වෙළඳ සංකීර්ණය,කුරුණෑගල දුරකථන අංකය : 037 2224337 ෆැක්ස් අංකය : 037 2224337

Read More

ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අනිල් අම්බානි සමූහ ව්‍යාපාරය හා සම්බන්ධ ඉන්දීය රුපියල් බිලියන 30.84ක් වටිනා වත්කම්, තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයක කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි. මෙම මුදල් විශුද්ධිකරණ පරීක්ෂණය සඳහා ඉන්දියාවේ බලගැන්වීමේ අධ්‍යක්ෂ මණ්ඩලය නම් වන මුල්‍ය විමර්ශන ඒකකය කටයුතු කරනවා. ලෝක ප්‍රකට ධනවතකු වන මුකේෂ් අම්බානිගේ බාල සොහොයුරා වන අනිල් අම්බානි සතු මෙම සමූහ ව්‍යාපාරය, 2017 සහ 2019 අතර ඉන්දියාවේ YES Bank වෙතින් ලබාගත් ඩොලර් මිලියන 568.86 ඉක්මවූ ණය මුදල්වලට සම්බන්ධයි. මෙම අරමුදල් යොදවා කළ ආයෝජනවලින් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැතැයි සඳහන්. විමර්ශකයන් විසින් මුම්බායි, දිල්ලි…

Read More

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More