Author: Bandara Senanayaka

වසරකට ආසන්න කාලයක සිට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් නොමැතිවීම මුල්කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (30) විරොධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පවත්වනු ලැබීය. උපකුලපතිවරයෙක් නොමැතිවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සුබ සාධන කටයුතු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, අධ්‍යන පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඔවුන් පවසයි. මෙම විරෝධතාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන හා රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් ආචාර්යවරු එක්ව සිටියහ. ඒ අනුව ඔවුන් අද අධ්‍යයන, පර්යේෂණ හා පරිපාලන සියලු කටයුතුවලින් ඉවත්ව සිටියහ. මීට මාස හතරකට පමණ පෙර රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පාලක සභාවට උපකුලපතිවරයෙක් පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. අනතුරුව පාලක සභාව විසින් උපකුලපති තනතුරට තුන්දෙනෙකු නිර්දේශ…

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් කිහිප දෙනෙකු-, ඔවුන් විසින් ගෙවිය යුතු ගෙවීම් නිසි පරිදි ගෙවීම පැහැර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පවසා තිබේ. මෙසේ ගෙවීම් පැහැර හැර තිබෙන නියෝජිතයන් අතර දේශපාලන සම්බන්ධතා මත ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූර ලබා ගත් අය සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. ඒ අනුව, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශය මත දිස්ත්‍රික් අලෙවි නියෝජිත දූරයක් ලබා ගෙන තිබෙන ලකීෂා තරංගිකා රාජපක්ෂ යන අය, රුපියල් මිලියන 9.8 ක මුදලක් ගෙවීම පැහැර හැර තිබේ. ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ බිරිද වන දිසානායක මුදියන්සේලාගේ ගීතා නන්දනී යන අය රුපියල් මිලියන…

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය. විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත. ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙත අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය ප්‍රකාශ කළාය. එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන…

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසනවා. සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් එම විවාහ මංගල්‍යයට තමන් සහභාගී නොවූ බවත්, එම උත්සවයට තමන්ට ආරාධනා කර නොතිබුණු බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. එම ඡායාරූපය සංස්කරණය ලද එකක් නම්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සඳහන් කර තිබෙනවා.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුව අද (30) දකුණු කොරියාවේ Busan නගරයේදී සිදුව තිබේ. චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත. එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන අමෙරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු යැයි ද චීන ජනපතිවරයා පවසා තිබේ. දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන්ම අත්කර…

Read More

අපි මේවා තවත් හංගගෙන ඉන්න ඕනෑ නෑහමුදා කඳවුරු වලින් ටී . 56 අවි හැත්තෑ හයක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතට ගිහින්ඉන් 36 අපි හොයාගෙන තියනවාරජයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඕනෑම වාහනයකට ගහගෙන යන්න අංක තහඩුත් ඔවුන්ට දීලාඅපි මේවා හොයා ගෙන තියනවාපොලිසියේ අය වැඩිම ප්‍රමානයක් වැඩ තහනමට ලක්වූ යුගය මේකයි .වහාම මෙම අපරාධ වලින් ඉවත් වන්න නැත්නම් අපි ඉවත් කරනවා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මේ අදහස් පල කර සිටියා ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු…

Read More

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස විපක්ෂය විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.විපක්ෂය විසින් කථානායක ජගත් වික්‍රමරත්නගෙන් මෙම ඉල්ලීම ලිඛිතව සිදු කර ඇති බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට පොලිස්පතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙසයි විපක්ෂය වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.

Read More

අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවය. අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව දැනුම්දුන්නේය.

Read More

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන පරිදි ඇඹිලිපිටිය රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා රෝහලේ අවශ්‍යතා සඳහා මිලදී ගන්නා ලද රුපියල් 285,755 ක් පමණ වටිනා ගෘහ විද්‍යුත් උපකරණ හයක් අධ්‍යක්ෂවරයාගේ නිවසේ පරිහරණය සඳහා යොදාගෙන ඇති බවද පෙන්වාදෙයි. එසේම නිල නිවාස සඳහා ගෘහභාණ්ඩ සැපයීම සඳහාප්‍රතිපාදන නොමැති තත්ත්වයක් යටතේ අමාත්‍යාංශයේසැපයීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළගෘහ භාණ්ඩ ලබාගැනීම සඳහා අනුමැතිය ලබා දීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස නිරීක්ෂණය වන බවද එම වාර්තාවවැඩිදුරටත් පෙන්වා දෙයි. ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා 2024 දෙසැම්බර් දෙවන දිනෙන් පසුව අදාළ නිල නිවස තුළ කුකුල් කූඩුවක්සකස් කරගෙන තිබූ අතර සිමෙන්ති ගල් හා දැල් යොදා ඉදිකර තිබූ නිල නිවසේ කොටසක් කඩා දමා ඇති බවදවිගණනයට නිරීක්ෂණය වී ඇත.තවද නිල…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තොරතුරු ලෙස කටයුතු කරන වෛද්‍ය නිලධාරීවරයා විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරමින් 2013 ජනවාරි 21 සිට 2024 ජූලි 12 කාලය තුළදී පෞද්ගලික ලිපිගොනුව තුළ අනුමත කිරීමේ ලිපිවලින් තොරව18 වරක් විදේශගතව ඇති බව ජාතික විගණන කාර්යාලය තහවුරු කරයි. එසේම තාවකාලිකව අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ විදේශගත වූ අවස්ථාවල්වලදීද අදාළ අනුමත කාල සීමාවට පරිබාහිරව ඔහු රටින් බැහැරව ගතකර ඇති බවද විගණනය පෙන්වා දෙයි. මේ අන්දමට විධිමත් අනුමැතියකින් තොරව ඔහු දිගින් දිගටම විදේශගත වී ඇති බව නිරීක්ෂණය වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔහුගේ විදේශ නිවාඩුව අවලංගු කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් ඔහු විදේශගතව ඇති බවද විගණනය පවසයි. නියමිත පරිදි ඔහු…

Read More