Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව එළැඹෙන ජනවාරි 28වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය. අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අධිකරණයට පැමිණියේය. එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එමෙන්ම ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන…
නඩු දෙකකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (29) වරෙන්තු නිකුත් කළා. ඒ, 2008 වර්ෂයට අදාළව සැකකාර ජගත් මනුවර්ණ යන අයට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළවයි. මෙම නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ. ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළා.
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
”මත්තල ජාත්‍යන්තර ගුවන්තොට වලට වන සතුන්ගෙන් එල්ලවන තර්ජන වැළැක්වීමට පියවර ගැනීමත් සමඟ එය වන සතුන්ගෙන් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස සහතික කෙරුණා”ඒ අනුව එම ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් කරන ගුවන් සේවා සමාගම් වැඩිකර ගැනීමම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාප්‍රකාශ කර තිබෙනවාදැනට මත්තල ගුවන්තොටුපලට මෙහෙයුම් සේවා සිදුකරන ගුවන් සේවා ගණන හතරක්නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නව ගුවන් සේවා පැමිණීමත් සමගමගුවන් තොටුපළේ මෙහෙයුම් අලාභය අඩු කර ගතහැකි බවයිමත්තල ගුවන්තොටුපල දැනට මාසිකව රුපියල් මිලියන 250ක පාඩුවක් ලබනවා
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 3ක් පිටත්කර යවා තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ. කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී
පාසැල් පවත්වන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමත් සමග නව කාල සටහන් අනුව සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යය මදුර සෙනවිරත්න මදුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ ඇති බවයි ඒ අනුව දැනට සිසු සැරිය ඇතුළු සියලු බස් සේවා නව කාලසටහන් අනුව සංශෝධනය කර ධාවනය කරන බව ඔහු සඳහන් කර සිටිනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පස්වන ශ්‍රේණියේ සිට 13 වසර දක්වා පාසල් පැවැත්වෙන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කර ඇති බවඒ මහතා පැවසුවා
රජයේ රෝහල් පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 380කට අධික සංඛ්‍යාවක බරපතල හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසක් අනාවරණය කළේය. සේනාරත්න මහතා අනාවරණය කළ තවත් බරපතල තත්ත්වයක් වන්නේ, පසුගිය මාස හතරක කාලය තුළ රජයේ රෝහල් ඇතුළු සියලුම රෝහල් රුධිර පරීක්ෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබීමයි. මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට රුධිර පරීක්ෂණ පිටතින් සිදුකර ගැනීමට සිදුව ඇති අතර, ඒ සඳහා අසරණ රෝගීන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී රෝගී සත්කාරය වෙනුවෙන් රෝහලෙන් පිටත පරීක්ෂණ පැවැත්වීම තහනම් කළ බවද ඒ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ දරුණු සුළි කුණාටුවක් වන “මොන්තා” දරුණු සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී (28 ) ආන්ද්‍ර ප්‍රදේශ් සහ යනාන් වෙරළ තීරයන් හරහා ගමන් කර ගොඩබිමට ඇතුළු…
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහා අධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ භාරේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් වෙත භාරදීමටකැබිනට් අනුමැතිය හිමි වී තිබුණා. ඒ අනුව, නව මහාධිකරණ හතර ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්බන්ධන් මහතා භාවිතා කළ නිල නිවාස හතරයි.
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (29 වැනිදා) කැඳවීමට නියමිතය.එංගලන්තයේ බුල් හැමිල්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික විදෙස් සංචාරයකට ගොස් රුපියල් ලක්ෂ 169කට අධික මුදලක් රජයට පාඩු කරන ලදැයි පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනයේ ප්‍රගතිය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දැනුම් දීමට නියමිතය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට…
