Author: Bandara Senanayaka

ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය.එම නියෝගයෙන් පසු ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි.ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රකාශකයෙකු විදෙස් මාද්‍ය වෙත පවසා ඇත්තේ ඊශ්‍රායලය අවම වශයෙන් ගුවන් ප්‍රහාර තුනක්වත් දියත් කළ බවයි.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය අද (29 වැනිදා) ගුවහාටි හිදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය. එංගලන්තය මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 11ක් සමගින් හිමිකරගත් අතර ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගත් දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයට පත් විණි. තරගාවලියේ මූලික වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිකර ගත්තේය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 69කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නියෝ සමත් වූ අතර එම ඉලක්කය පන්දුවාර 14.1කදී කිසිදු කඩුල්ලක් නොදැවී හඹායාමට එංගලන්ත ආරම්භක පිතිකාරිණියෝ සමත් වූහ. මෙම තරගය පැවැති ගුවහාටි ක්‍රීඩාංගණයේම…

Read More

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ. ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි. විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ. ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි. එමෙන්ම මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ. කෙසේ වෙතත්, රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි. සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි…

Read More

ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Read More

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි. මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

විපක්ෂය එකම වේදිකාවට එක්වන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොව, හොරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසනවා. ඔවුන් දැවැන්ත වේදිකාවකට එක්වෙන බවට ප්‍රකාශ කළ ද, වේදිකාව පමණක් විශාල විය හැකි බවත්, වෙනත් කිසිවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. මහ බැංකු සිද්ධිය, පාස්කු ප්‍රහාරය, තාජුඩීන් ඝාතනය ආදී සියල්ල සිදුවූයේ මෙම එකම වේදිකාවේම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Read More

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහා අධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ භාරේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් වෙත භාරදීමට අද කැබිනට් අනුමැතිය හිමි වී තිබුණා. එහිදී අංක 108 b,විජයරාම පාර කොළඹ 07 ස්ථානයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ත් එම අධිකරණයක් පිහිටවීම සඳහා තෝරා ගෙන තිබෙනවාද? යන්න පුදුම උපදවන සුළු කාරණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවස ද මේ ආසන්නයේම තිබූ පිහිටා තිබෙන අතර එය අංක b 117 ,විජයාරම…

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි අද වෙළෙඳ සහ දුර්ලභ ඛනිජ ගිවිසුමකට අත්සන් තැබුවා. ජපානයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජපාන නව අග්‍රාමාත්‍ය සනායි ටකයිචි හමු වුණා. ඒ ටෝකියෝහි අකාසකා මන්දිරයේදී. මෙම හමුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි වෙළෙඳ ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. ජපාන සහ ඇමරිකානු නායකයින්ගේ මෙම හමුව නව ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. දුර්ලභ ඛනිජ සැපයුම සුරක්ෂිත කිරීම සඳහා නායකයින් අද ගිවිසුම්ගත වුණා. දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ දුර්ලභ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් චීන ආධිපත්‍යයට එරෙහි පියවරක් බවයි. මීට පෙර ජපානය එකඟ වූ ඇමරිකාවේ ඇමරිකාවේ…

Read More

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමරාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඵ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුවුණි. ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම…

Read More

මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව කැරිබියන් මුහුද හරහා ඊසාන දෙසින් ගමන් කරමින් ජැමෙයිකාවට සමීප වෙමින් පවතිනවා. ‘මෙලිසා’ ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ජැමෙයිකානුවන් මේ වනවිටත් ආරක්‍ෂිතස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය විසින් ‘මෙලිසා’ පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස නම්කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සුළි කුණාටුවේ පූර්ව බලපෑම හේතුවෙන් දැනට හටගෙන ඇති වැසි හා සුළං තත්ත්වයත් සමඟ පුද්ගයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර කියුබාවට සහ ගිනිකොනදිග බහමාස් සඳහා ද ‘මෙලිසා’ සුළි කුණාටුවේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානි හා ජීවිත…

Read More