Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට්…
ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයකු සහ ආණ්ඩුකාරවරයකු ද වන මුහම්මද් හිස්බුල්ලාට අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 60කට අධික) වංචා කළ බවට චෝදනා ලැබූ ඝානාවේ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම කර තිබෙනවා. මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, බොරු පොරොන්දු දී වංචා කිරීම සහ වංචා කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති බවයි ඝානා පුවත් ඒජන්සිය වාර්තා කළේ. සැකකරුවන් එක් අයෙකුට ඝානා සේඩි ලක්ෂ 05 බැගින් වූ ඇප මුදල් නියම කර ඇති අතර, ශරීර ඇප 02 ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඉන් එක් අයෙකු ඉඩමක් සහිත දේපළකින්…
ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය.ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.ක්‍රීඩිකා 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගත්තේය.ඒ තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගනිමිනි.දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වුණි.මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග යි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූවේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු දැඩිව ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පීනි හෙෂානි ලියදිපිටිය පවසයි. ඊයේ [27 වැනිදා] සිය මුහුණ පොත හරහා ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ පිළිබඳ පවසා ඇත. ඇය එහිදී ප්‍රකාශ කර සිටියේ තමන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් මෙය තමන්ට සිදුකළ බරපතළ අපහාසාත්මක චෝදනාවක් බවත්ය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙෂානි ලියදිපිටිය මෙසේ ද පවසා සිටියාය. ‘‘මම සෝෂල් මීඩියාවල මා ගැන යන නෙගටිව් දේවල් පිටිපස්සේ පන්නන කෙනෙක් නෙවෙයි. මම මේ පෝස්ට් එක දැක්කාට ඒ පස්සේ එච්චර එළවන්න ගියේ නෑ. මට ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙන නිසා. මට තේරුණා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍යවලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුළ වත්මන් රජය අල්ලා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා. අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ඊයේ (26) නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති ලංකා වතු සේවා සංගමයේ රැස්වීම අමතමින්. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවා. “දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. රටට නීතියක් ඕනද? නැද්ද? ඕන. ඒ නීතිය ඕන පොඩි එකාට විතරද? මහ එවුන්ට ඕන නැද්ද? අවුරුදු 76ක් නීතිය තිබුණා. කාටද දන්නවද? වත්තෙ එකාට, ගමේ එකාට, සාමාන්‍ය මිනිහට තිබ්බා. ලොක්කන්ට නීතිය තිබ්බේ නෑ. දැන් ලොකු පොඩි භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කෙරෙන්න ඕනද?…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (26) පස්වරුවේ නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු අද (27) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනුනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට රැගෙන ආ සැකකරු මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර, ඊට අදාළ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.
අද අලුයම ගලෙන්බිඳුනුවැව පොලිස්වසමට අයත් ඉහළගම ප්‍රදේශයේ සිදු වූ වායු රයිෆල් වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසයි.මෙලෙස වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගලෙන්බිඳුනුවැව ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක, වැඩ තහනමකට ලක් වූ පොලිස් නිළධාරියෙකු බවයි ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසන්නේ.මියගිය පුද්ගලයා අද අලුයම් කාලයේ සිය බිරිඳගේ පියාගේ නිවසට පැමිණ පියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඔහුට කැත්තකින් පහරදීමට තැත් කිරීමේ දී බිරිඳගේ පියා විසින් නිවසේ තිබු වායු රයිෆලයකින් මොහුට වෙඩි තබා තිබේ .පසුව මියගිය පුද්ගලයාගේ වැඩිමහල් පුත්‍රයා විසින් 19 90 ගිලන් රථයක් ආධාරයෙන් ඔහුව ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ .මියගිය පුද්ගලයාගේ දේහය ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහලේ මේ වනවිට තැන්පත්…
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) මුදල් අමාත්‍යාශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී. ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත Matthew Duckworth, මහතා අතර එම ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිණි. ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා…
පාර්ලිමේන්තුවේ අද සිටින අයගෙන් පාර්ලිමේන්තුව ගිනිතියන්න කියා ප්‍රකාශ කළ අය සහ 71 කැරැල්ලේ, 1983 භීෂණයේ සිටිය පිරිස් අද මැති ඇමතිවරු වී සිටින බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,“ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නැහැ කියලා. ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි දෙක එකට යන්නේ. 1971 දොරෙයිඅප්පා ඝාතනයෙන් මහජන ආරක්ෂාව නැති වුණු නිසා තමයි ජාතික ආරක්ෂාව රටේ නැති වුණේ. එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය බිහිවුණෙත් ඔය ආකාරයෙන් මහජන ආරක්ෂාව නැතිවී ජාතික ආරක්ෂාවට පීඩණයක් පැමිණීම නිසා. එය…
