Author: Bandara Senanayaka

පසුගිය දා පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරගය උඩපන්දුවක් ලබා ගැනීමට යාමේදී වැටීමෙන් ඉළ ඇටයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව ඉන්දියාවේ ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

Read More

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි. යුක්‍රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ සිට මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බව රුසියානු බලධාරීන් පැවසුවේය. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන යානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවය.

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට ඉහළින් සිදු කළ සාමාන්‍ය මෙහෙයුම් අතරතුර ඊයේ කඩාවැටී තිබෙනවා. අමෙරිකානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණිය පවසා ඇත්තේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වූ බවයි. මෙම සිදුවීම් දෙකටම හේතුව සොයා බැලීම සඳහා නාවික හමුදාව විසින් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නාවික හමුදාව සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා සවස ප්‍රකාශ කළේ, ‘Battle Cats’ ලෙස හඳුන්වනු ලබන හෙලිකොප්ටර් මැරිටයිම් ස්ට්‍රයික් 73 ට අනුයුක්ත කර තිබූ MH-60R සීහෝක් (Seahawk) හෙලිකොප්ටරයක් ඒරට වේලාවෙන් දහවල් 2:45 ට පමණ ‘USS Nimitz’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් සාමාන්‍ය මෙහෙයුම් සිදු කරමින් සිටියදී කඩාවැටුණු බවයි. සෝදිසි සහ…

Read More

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවක් පවතින බව කුරුණෑගලදී පැවැති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකට ආරාධිත දේශනයක් අමතමින්ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් පැවැසුවාය. නීතිය පිළි නොගන්නා ලිංගික සම්බන්ධතා රටේ වියළි කලාපය තුළ ඉහළ මට්ටමක පවතී. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවුරුදු 14, 15, 16 තරම් අඩු වයසේ තරුණියන් වයස අවුරුදු 45, 50 වයස්ගත පිරිමින් සමඟ ජීවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව පොළොන්නරුව ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙවැනි සම්බන්ධතා හේතුවෙන් උපදින දරුවන්ට උප්පැන්න ලබා දීමේ ගැටලු මතු වීැති බව ඇය සඳහන් කර සිටියා මවට අවුරුදු 15ක් සහ පියාට අවුරුදු 13ක් වන…

Read More

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ. මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය. දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා…

Read More

හම්බෙගමුව උණ කන්ද රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා හේනක් කපා වේලා අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ වියලි ගංජා කිලෝ 406 ගෑම් 800ක්, ගංජා පැළ 12825ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, කොළඹ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා 58 හැවිරිදි පුද්ගලයෙක්. වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් විසි එක් හැවිරිදි සැකකරු අලෙවි කිරීම සඳහා වියලි ගංජා පාර්සල්…

Read More

රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම් ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇදුම කිසියම් අගමක් හෝ සංස්කෘතියක් අදහන අය වෙනුවෙන් වෙනස් කළ යුතු බව රජයේ වගකිවයුුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබන බවට වාර්තා පළ වි ඇතැයි සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතු ඇමතිවරයාට යොමුකළ ලිපියේ සඳහන්. මේ අන්දමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතු වනු ඇති බව ආනන්ද හිමියෝ…

Read More

උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Read More

ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්ය. ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් විය. රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගත්හ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි විය. විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක්…

Read More

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රන් පදක්කම දිනා ගත්තාය.

Read More