Author: Bandara Senanayaka

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් විය.ඇය ත්ත්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.එහිදී ඇය බිඳ හෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර එනම් 1998 වසරේ දී ඉන්දියාවේ P.T ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවයි.එමෙනම ඇය දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් මීටර් 100 කාන්තා රන් පදක්කමත්, මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් මීට පෙර දිනාගෙන තිබුණි.මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් ඇය වාර්තා කළ කාලය තත්ත්පර 11.53කි.කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්ත්පර 44.70කින්…

Read More

දැන් මට සිද්ද වෙලා තියෙන්නේ , සෙල්ෆියක් ගහන්න කලිනුත් පොලිස් වාර්තාවක් ඉල්ලන්න.එතරම් අවධානයෙන් ඉන්නේ සමහර ඇමතිවරු. හීනෙන් පේන්නෙත් මං. මගේ පණ නාමල් කියලත් save කරන් ඉන්නවලු.අද ඒ තැනට පක්ෂයක් විදිහට අපි ගොඩ නැගිලා තියෙනවා.අද අපි දකිනවා රාජ්‍ය පාලනය තුළ වර්තමාන ආණ්ඩුවට අවංක චේතනාවක් වුවමනාවක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා, මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.අද ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි කාලයක් දැන් ගතවෙලා තියෙනවා.තමන්ගේ හෘද සාක්ෂියට අනුව අවංකව අතිගරු ජනාධිපතිතුමා ඇතුළු එකසිය හැට දෙනා තම රටට පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කරනවාද නැද්ද ? කියන ප්‍රශ්නය තමන් විසින්ම අහන්න ඕන කියලා මං විශ්වාස කරනවා..එදා අපි කරපු සංවර්ධනයට වෛරයක් හැදෙව්වා. මාර්ග…

Read More

ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ අපනයනය සඳහා කංසා (Cannabis) වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි. හොංකොං සහ තායිලන්තය වැනි රටවල ආයෝජකයින් ගණනාවක් කංසා ආශ්‍රිත කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ. දැනට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන්ද යෝජනා අටක් (8) පමණ ලැබී ඇති බව විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා කෙසේ වෙතත්, මෙම යෝජනා සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට පෙර රජය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙම කංසා ව්‍යාපෘති සඳහා අවසාන එකඟතාවක් තවම ලබා දී නොමැති බවත්…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්, සිය ආත්මාරක්ෂාව වෙනුවෙන්, “ගම්මිරිස් කුඩු විදින අවි” කිහිපයක් ළඟ තබා ගැනීම සදහා අවසර ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. දැනටමත් මන්ත්‍රීවරයා අදාල අවි විදෙස් රටකින් ගෙන්වා ඇති අතර, එම අවි රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටළුවකට ඔහු මුහුණ දී සිටින බවයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ. අදාල අවි රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇතත්, ඊට අවසර ලැබී නැති බව පැවසේ.

Read More

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය.ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.

Read More

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට නිසි ආරක්ෂාවක් නොමැති බවත්, අධ්‍යාපනය ප්‍රතිව්‍යුහ ගත කිරීමෙන් වතුකරයේ පාසල් ගණනාවක් වැසී යාමේ අවධානමකට පත් වී ඇති බවත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට නිසි ආරක්ෂවක් නොමැති වීම හමුවේ තමන්ට ඡන්දය ලබා දුන් මහජනතාව අතරට ගොස් රැස්වීමක් පවා පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කථා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද මන්ත්‍රීවරයා කියනවා. මන්ත්‍රීවරයා ඒසේ පැවසුවේ ඊයේ (25) හැටන් නගරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධාක්‍රිෂ්ණන් කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225…

Read More

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේරන් සහ රිදී පදක්කම් ශ්‍රී ලංකාවටරන් පදක්කම – දසුනි කෞෂල්‍යාටරිදී පදක්කම – අරලියා සත්සරනිට

Read More

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. එම කාර්ය මණ්ඩලය අද (26) හම්බන්තොට වරායට රැගෙන ආ බවද නාවික හමුදාව පැවසුවා. මෙම වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අනුයුක්ත කර තිබුණා. එහිදී, ආපදාවට පත් වෙළද නෞකාවේ සිටි ඉන්දීයානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සමුදුර නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව, අද (26) හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ…

Read More

හෙට සිට (2025 ඔක්තෝබර් 27) කුවේට් ජාතික ගුවන්සේවය සතියකට ගුවන් වාර 4ක් කොළඹ සහ කුවේට් අතර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා නවීන එයාර්බස් A320neo ගුවන්යානයක් භාවිතා කිරීමට නියමිතය.

Read More

අරගලය පැවැති දා නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සම්බන්ධ නඩුවේ තීන්දුව ලබන ජනවාරි මස 14 දා ප්‍රකාශයට පත්කරන බව ගම්පහ මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට අදාළ චුදිතයින් 41 දෙනකු සඳහා එලෙස නඩු තීන්දුව ලබාදීමට නියමිතයි. ඉකුත් 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු අධිචේදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබුණා. මෙම නඩුවට අදාල විත්තිකරුවන් 41 ක්…

Read More