Author: Bandara Senanayaka

කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා නිරෝගි ඩිම්බ පවතින කාන්තාවන්ගෙන් ඩිම්බ ලබාගැනීම මෙහි ක්‍රියාවලිය බවත් වෛද්‍යවරයා පැවසුවා. පසුව එම කාන්තාවගේ ඩිම්බ අදාල කාන්තාවගේ සැමියාගේ ශුක්‍රාණු සමඟ බාහිර පරිසරය තුළ විශේෂ මාධ්‍යයක සංසේචනය වීමට සලස්වා වැටුණු කළලය මවගේ ගර්භාෂයේ තැන්පත් කිරිමක් සිදුකරයි. IVF (In Vitro Fertilisation) තාක්ෂණය භාවිත කරමින් දරුවන් නොමැති තරුණ…

Read More

දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 25 වැනි දා සහභාගි විය.මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ ඔහුගේ දරුවන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ අතර මෙහි දී වාට්ටු සංකීර්ණය නිල වශයෙන් රජය වෙත භාර දීමේ සන්නස් පත්‍රය දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී.මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.සමාජ වගකීමකින් යුතු…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. මොහු වෙඩිතැබීමට පෙරදින වෙඩික්කරුවන් සමග ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත ගොස් ඇති බවද සඳහන්. එමෙන්ම වෙඩිතැබීම සිදු වූ දින වෙඩික්කරුවන් රැගෙන පැමිණ ඇත්තේද මොහු විසින් වන අතර, ප්‍රහාරයෙන් පසු ඔවුන්ට පලායාමටද සහයෝගය ලබාදී තිබේ. තවද වෙඩිකරුවන්ට මුදල් ලබාදී ඇත්තේද මොහු විසින් වන අතර, ඔහු ලබාදුන් සහයෝගයට ඔහුටද රුපියල් 20,000ක මුදලක් ලැබී ඇති බව…

Read More

පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි. ප්‍රංශ මාධ්‍යයට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් මීට පෙරද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති අය බව සඳහන්. මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් එක් අයෙකු එරට චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළෙන් ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ලොව වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන කෞතුකාගාරය වන ලූවර් කෞතුකාගාරයේ යුරෝ මිලියන 88කට අධික වටිනාකමක් ඇති ආභරණ රැසක් පසුගිය ඉරිදා සොරකම් කරනු ලැබීය.

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය. එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලදී. ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී…

Read More

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා. මේ වසරේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධ සීමාව 15% ක් වන නමුත්, එය සංශෝධනය සඳහා වන උපරිම සීමාව මිස තීන්දු කළ අගයක් නොවන බව සඳහන්. මෙම ගාස්තු සංශෝධනය සඳහා අවධානය යොමු වී ඇත්තේ සෑම අවුරුදු තුනකට වරක්ම ගාස්තු සංශෝධනයක් සිදුවන නිසා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ. අවසන් වරට ගාස්තු සංශෝධනය සිදුකර ඇත්තේ 2022 වර්ෂයේදීයි. ඒ අනුව වසර තුනෙන් තුනට සියයට 15 ගාස්තු සංශෝධනයක් සාමාන්‍යයෙන් සිදු විය යුතුව තිබුණද, මේ වසරේ ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් තාමත් අවසන් තීරණයකට එළඹ නැති බව මෝටර් රථ…

Read More

රත්මලානේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ. අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත. කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ. එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත. කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී…

Read More

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබේ. තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් මීට ටික වේලාවකට පෙර මැලේසියාවේ දී අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදහත්කරුවෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම අවස්ථාවට සහභාගී විය.

Read More

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read More