Author: Bandara Senanayaka

ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි. දේහය උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යාලය තුලදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය බදාදායි. කෙසේ වෙතත්, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. එහෙත් විමර්ශන නිලධාරීන් පැවසුවේ ඝාතනයේ විමර්ශන මේ වන විට සාර්ථකව සිදුකෙරෙමින් පවතින අතර සැකකරුවන් පිළිබද තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි. වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වන විටත් තොරතුරු හෙළිවී ඇති බවයි විමර්ශන නිලධාරින් සදහන් කළේ.…

Read More

මස්කෙළිය රෝහලේ කාර්යමණ්ඩලයට හා නේවාසික රෝගීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා රෝහල් සේවකයින් උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා. ඒ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන් බීමතින් පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට පහර දෙන බව පවසමින්. මේ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය හා නේවාසික රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මෙවැනි පහරදීම් දිගින් දිගටම සිදුවන බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඊයේ (25) පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයට එක් වුණා. පහරකෑමකින් තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත පැමිණි බීමත් අයෙක් පසුගිය (23) මස්කෙළිය, ප්‍රාදේශිය රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි රෝහල් සුළු සේවකයෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා. පහරකෑමට…

Read More

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධව පවත්වනු ලබන ජනරැළිය “මහජන හඬ” නමින් නොවැම්බර් 21 වැනි දා සවස 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් 27 සඳුදා උදෑසන 9.30ට කොළඹදී පැවැත්වීමට ද නියමිතයි. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පොදු ජන එක්සත් පෙරමුණ, ඇතුළු විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30කට අධික සංඛ්‍යාවක් මෙම ජන රැළියට එක්වීමට නියමිත බව ද දැනගන්නට ලැබෙනවා. ආණ්ඩුවට එරෙහි “මහජන හඬ” මෙම රැලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙම දේශපාලන පක්ෂ අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්වෙමින් පවතිනවා.

Read More

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්, සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. අද (26) පෙ.ව. 08.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව. 08.30 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50–60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

සහල් සම්බන්ධයෙන් 3% ක පමණ හිඟයක් මතුවී ඇති බවත්, ඊට විකල්පයක් ලෙස සහල් යම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. සහල් ආනයනය මේ අවස්ථාවේ සිදුකළ යුතුව ඇති බවත්, මේ මොහොතේ ගොවියා ළඟ වී නොමැති නිසා මෙයින් ගොවියාට බලපෑමක් සිදු නොවන බවයි ඔහු පවසා සිටියේ. කීරි සම්බා පරිභෝජනය කරන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවද, නමුත් ඒ හේතුවෙන් ගොවීන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොදෙන බවද, ගොවියාගේ වී වලට අදාල මිල ඒ අයුරින්ම ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.‍ නාඩු සහ සම්බා සහල්වල කිසිදු හිඟයක් නොමැති බවත්, ඒවා අවශ්‍ය ප්‍රමාණය ද ඉක්මවා නිෂ්පාදනයක් ඇති බවත් ඔහු පවසා…

Read More

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති මීටර 4×100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ. පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය තත්. 39.99කින් අවසන් කිරීමට සමත් විය. මෙහි රිදී පදක්කම ඉන්දියාව (තත්. 40.65) විසින්ද, ලෝකඩ පදක්කම බංග්ලාදේශය (තත්. 40.94) විසින්ද දිනාගත්තේය. කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්. 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය. ඉන්දියාවට එවරද රිදී පදක්කමෙන් සෑහීමට සිදු වූ අතර, ඔවුන් තරගය තත්. 44.93කින් අවසන් කළාය. මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූයේ මාලදිවයින වන අතර, ඔවුන් තත්. 47.79ක දක්ෂතාවක් දැක්වීය.

Read More

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…

Read More

‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහිවෙන අධ්‍යාපන සභාව’ මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ ‘Whatsapp’ සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එම සමූහය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවය. එමෙන්ම එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් එම නිවේදනයේ දැක්වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය. ඇය සිය ඉසව්ව තත්. 13.98කින් අවසන් කළාය. මෙහි රන් හා රිදී පදක්කම් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්හ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

කාන්තා දේශපාලන නායකත්වයේ අනාගතය උදෙසා “Young Women Lead” සංගමය විසින් සංවිධානය කළ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවේ බස්නාහිර පළාත් වැඩසටහන අද දින බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.මෙම අවස්තාවට පා.ම නාමල්‍ රාජපක්ෂ,සංජීව එදිරිමාන්න,සාගර කාරියවසම්,මිලින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන ක්‍රියාදරයින් රැසක් සහභාගී වී සිටියා.

Read More