Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා පවසයි. පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවත්, එය වසර ආරම්භයේ දී සැලසුම් කරන ලද ඩොලර් බිලියන 1.2 මට්ටමට වඩා ඉහළ අගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මේ අවුරුද්දේ වාහන ආනයන වියදම අපි අපේක්ෂා කළ මට්ටමට වඩා තරමක් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ දී රථ වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.2ක පමණ විදේශ විනිමයක් වැය වනු ඇති බවට අප මුලින් පුරෝකථනය කළා. එය බොහෝ විට මේ අවුරුද්ද අවසාන වන විට ඩොලර් බිලියන 1.5ක්…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි 04ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අයහපත් කාලගුණය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපෑම් එල්ල කර ඇති බවයි. කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, කෑගල්ල, බදුල්ල, මහනුවර, පුත්තලම, කොළඹ, නුවරඑළිය, වව්නියාව, මොණරාගල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා. පුද්ගලයින් 18,376ක් අද (25) උදෑසනවන විට ආපදාවට ලක්ව ඇති අතර, නිවාස අර්ධ හානි 628ක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්කොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අද (25)…
වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස ඝාතනය කර ඇත්තේ, මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 71 කාන්තාවකි. මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට ඇත. යාබඳ නිවසක කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දී තිබේ. මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ…
හෙදියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව තුළ තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නොමැති බව විදේශ කටයුතු, සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබෙනවා. රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග සාකච්චාක් පැවැත්වුවා. හෙදියන් රාජකාරී කිරීමේ දී පවතින නීති රාමුව තුළ තම…
මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින්, රටේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි. එහිදි ඔහු පැවසුවේ, “මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ? නෑ නේද? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ” යනුවෙනි. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු “පොඩි පොඩි” වශයෙන් තිබෙන බව පිළිගත් ඒ මහතා, වර්තමාන රජයට කිසිදු පාර්ශවයක සහයෝගයක් නොමැති තත්ත්වයක් තුළ, “දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා” තිබෙන බව සඳහන් කළේය. “ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද?” යනුවෙන් ප්‍රශ්න කළ ඒ මහතා…
පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවය. රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක් ද වාන් දමන බව සඳහන්ය. පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ අශ්‍රිත ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
විශේෂඥ වෛද්‍යවරුන් 2,500ක් පමණ මේ වන විට රාජ්‍ය සේවය අතහැර රටින් පිටව ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. තවත් වෛද්‍යවරුන් 5,000ක පමණ පිරිසක් ඕනෑම මොහොතක මෙරට අතහැර යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන සිටින බව ද එම සංගමය අනාවරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ මෙම අදහස් පළ කළේය. මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ GMOA සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවධාරණය කළේ, මේ වන විට රෝහල් පද්ධතියේ පවතින ගැටලු නොවිසඳෙන්නේ නම් සේවා සැපයීමේ අවදානමක් පවතින බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ සඳහන් කළේ…
චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවන බවට පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම, දැනට මෙරට ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවටයි එම සමාගම මෙරට පාරිභෝගිකයින්ට සහතික වී ඇත්තේ. BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස, BYD Tang සහ Yuan Pro වාහන 115,000ක් පමණ ආපසු කැඳවීමට මෑතකදී නිවේදනය කර තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම සඳහන් කළේ, මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD…
පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය. එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා…
