Author: Bandara Senanayaka

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතකයාට ජපාන අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි විසින් 2022 වසරේදී අබේට වෙඩි තබා මරා දැමූ බව ඔහු පිළිගෙන තිබුණා. මුළු රටම කම්පනයට පත් කළ මෙම අපරාධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ නීතිඥයන්, මෙය “පශ්චාත් යුධ සමයෙන් පසු ඉතිහාසයේ සිදු වූ පෙර නොවූ විරූ සිදුවීමක්” ලෙස හැඳින්වූවා. එමෙන්ම මෙම මිනීමැරුමෙන් සමාජයට අතිශය බරපතල බලපෑම් එල්ල වූ බව පවසමින් ඔවුන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ඉල්ලා සිටියා. කෙසේ වෙතත්, යමගාමිගේ නීතිඥයන් අධිකරණයේදී තර්ක කර තිබුණේ ඔහුට ලබා දිය යුතු උපරිම දඬුවම වසර 20 ක සිරදඬුවමක් විය යුතු බවයි.

Read More

පසුගිය ජූලි මාසයේදී අත්සන් කරන ලද අමෙරිකානු-යුරෝපා වෙළෙඳ ගිවිසුමට ලබාදීමට නියමිතව තිබූ අනුමැතිය අත්හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දරන උත්සාහය සහ ඒ සම්බන්ධයෙන් පනවන ලද නව බදු තර්ජන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට සඳහන්. මෙම නවතම රාජ්‍යතාන්ත්‍රික ගැටුම හේතුවෙන් ලෝක මූල්‍ය වෙළෙඳපොළ දැඩි කැළඹීමකට පත්ව තිබෙනවා. අමෙරිකාව සහ යුරෝපය අතර යළිත් වරක් “වෙළෙඳ යුද්ධයක්” ආරම්භ වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා. අත්ලාන්තික් කලාපයේ දෙපසම කොටස් වෙළෙඳපොළවල් පහත වැටී තිබෙනවා. අමෙරිකාවේ ‘ඩව් ජෝන්ස්’ (Dow Jones) දර්ශකය 1.7% කින් ද, ‘S&P 500’ දර්ශකය 2% කින් ද පහත…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර එම මණ්ඩලය ඈවර කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයක නිරත වන බවට විදුලි වෘත්තිය සමිති අනතුරු අඟවනවා. කොළඹ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි නියෝජිතයින් පැවසුවේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු විදුලි වෘත්තිය සංගම් 24ක් මේ සඳහා එක්වීමට සූදානමින් සිටින බවයි. ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීමත්, ඒ සඳහා වත්කම්, වගකීම් හා රාජකාරී කාර්යයන් සහ ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති, මුදල් අමාත්‍යවරයා හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයන්ට යටත්ව පිළියෙල කිරීම අවසන් කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට…

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ආදළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් කෝටි 90කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් සහ දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් “ලේනා” යන…

Read More

දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මීට හේතුව බවය. මේ අතර අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පලකරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මක බව එහි මාධ්‍ය ප්‍රකාශක ‍වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

Read More

නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවය. අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම නිවේදනයේ…

Read More

ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමරිසි නීතිය හා රජය මගින් මේ දිනවල බෞද්ධාගමට එල්ල කරන විරෝධාකල්ප වැඩපිළිවෙළට විරෝධතාවය පළ කරමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලුපටි පැළද අද (20) උදෑසන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණා. විරෝධතාවයට සහභාගි වූ මන්ත්‍රීවරුන් හෝමාගම පොළ භූමියේ අසලට පැමිණ විරෝධතාවය ආරම්භ කොට එම ස්ථානයේ සිට එදින පැවැති හෝමාගම ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම් ශාලාවට පැමිණියා. ඉන් පසුව සභා ගර්භයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නැවත වරක් විරෝධතාවයේ නිරතව එය අවසන් කළා. මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබල පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයා…

Read More

රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන්වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණි.

Read More

කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසීය. එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන ඇත. අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More