Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ. විස්සයි20 තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළිදැක්වුණි. පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි. මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20 සචිතයට කැඳවා…
අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය. එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය. මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස්…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. …
වෙනිසියුලාවේ රට තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. එමෙන්ම බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳාගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි. වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට…
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත. ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම පූර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10 සිට හෙට (06) රාත්‍රී 10 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වේ. ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මහනුවර දිස්ත්‍රික්කය:- උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කය:- විල්ගමුව නුවරඑළිය දිස්ත්‍රික්කය:- වලපනේ
එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කළේය. නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය. එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වෙල්ලාවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරී පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වු නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරීවරයෙකු අද (05) උදේ 10.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ඉහත විමර්ශනයට අදාළව…
