Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අද (05) නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මදුරෝ රඳවා සිටින මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට අමෙරිකාව, වෙනිසියුලාවට මැදිහත්වීමට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක්ද ක්‍රියාත්මක විය. මදුරෝට එල්ලවන චෝදනාවලට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය කල්ලි වන සිනලෝවා සහ ට්‍රෙන් – ඩි – අරගුවා වෙත සහාය දැක්වීම ඇතුළත් වේ. ඔහු අමෙරිකාවට කොකේන් මත්ද්‍රව්‍ය එවීමේ මගපෙන්වන්නකු බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආරක්ෂිතව සිදුකිරීම සඳහා වෙනිසියුලානු හමුදාව පවා යොදාගෙන ඇති බවත් අමෙරිකාව නගන චෝදනාවකි. මදුරෝට එරෙහිව මෙම චෝදනා අමෙරිකාව මුලින්ම ගොනු කළේ 2020 වසරේදී. දැන් ඔහුට හා ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරේස්ද ඇතුළත් කර යාවත්කාලීන…
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍යවරයා ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදියි. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින් තිබුණි. එම සිදුවීමට අදාළව හිටපු අමාත්‍යවරයාට අද පෙරවරුවේ එම විමර්ශන කොට්ඨාසය සඳහා පෙනී සිටින ලෙස දන්වා තිබුණි. එමෙන්ම මෙම සිද්ධියට අදාළව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…
2025 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක් උපයා ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ නව පිටුවක් පෙරළමින්, එක් වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වූ වැඩිම අගය පසුගියදා වාර්තා වුණා. ඒ පසුගිය (29) වැනිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි 2,333,797 වැනි සංචාරකයාගේ පැමිණීම සමඟින්. එය වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර ලෙස සැලකුණු 2018 වසරේ වාර්තාව අභිබවා යමින්. 2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 2,333,796ක්.
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව එවක රජය සමයේදී කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි. ඒ අනුව ඒ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගමයන් ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවෙන විට ඔහුගේ වයස අවුරුදු 71. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ඔහු 1980 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි. ඉන් පසු කුවේණි, දුර ආකාහේ, නැවුම් කළේ, ඩෝලෙ, දුවේ, සොයා ආවා, , නාඩගම් ගීය, මොන ආලවන්තකම්,රාධාවණී, කම්පා නොවන් මහාමයා ආදී සුවිශිෂ්ට ගේය පද ඔහුගේ සුරතින් නිර්මාණය වුණා.
එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය විමසීමේදී අමෙරිකානු ජනාධිපතිවරයා කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් පවසා ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙකු කොලොම්බියාව පාලනය කරන බවය. ඒ අනුව ඔහුට එම කටයුත්ත වැඩි කාලයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ. මෙක්සිකෝව සම්බන්ධව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි ආධිපත්‍ය දරන බවත්ය. මේ අතර වෙනිසියුලාව සම්බන්ධව අදහස්…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද (05) දිනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ. ඒ අනුව ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා බව පොලීසියෙන් දැනුම්දීමක් කර ඇත. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම සිද්ධියට අදාළව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ (4) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු…
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) වැනිදා ආරම්භ කෙරෙනවා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. මෙම 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ඉකුත් මස (09) වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මත ක්‍රියාත්මකයි.
අක්කරපත්තුව ප්‍රදේශයේ දී කිඹුලෙකු ඩැහැගෙන ගොස් දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ. අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටියදී මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙලෙස අතුරුදන් වී ඇත්තේ 37 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ. අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.
