Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය. මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබේ. ඒ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතය. එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙම…
සීෂෙල්ස් මුහුදු සීමාව තුළ විදේශීය ධීවර යාත්‍රාවක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන එය විනාශ කිරීම සහ එම සිදුවී ගැනීම සම්බන්ධව මේ වන විට එරට මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි. පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ධීවරයින් 6 දෙනෙකු සමග වෙන්නප්පුව වෙල්ලමංකරේ ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉෂානි -1 නම් මෙම යාත්‍රාව පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා සීෂෙල්ස් රාජ්‍ය භාරයට ගෙන එම යාත්‍රාව ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා විය. ඒ අනුව එරට ආරක්ෂක හමුදා විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශය සැලකිල්ලට ගත් බවත් සඳහන්…
අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළකර තිබේ. එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු, තමා කියුබානු රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් විමතියට පත්වන බව රුබියෝ පවසයි. “මම හවානාහි ජීවත්වෙන ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයෙක් නම් අවම වශයෙන් ටිකක් හෝ සැලකිලිමත් වෙනවා” වෙනිසියුලාව සහ කියුබාව ගැන කලක සිට අවධානයෙන් සිටි රුබියෝ වැඩිදුරටත් පැවසීය. අමෙරිකාවට එරෙහිව කටයුතු කළ කියුබා හිටපු ජනපති ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහකිරීමට උත්සාහ කිරීම ඇතුළු ලතින් ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම් රැසක් පිළිබඳ දිගු ඉතිහාසයක් අමෙරිකාවට තිබේ.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වෙනිසියුලා උප ජනාධිපතිනි ඩෙල්සි රොද්‍රගුවේස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ තවමත් සිය රටේ ජනාධිපති වන්නේ නිකොලොස් මදුරෝ යන්නයි. අමෙරිකානු තර්ජන හමුවේ රට රැක ගැනීමට තම රජය සූදානම් බව ඇය පවසා ඇත. එවන් පසුබිමක වෙනිසියුලානු ශ්‍රෙෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ උප ජනාධිපතිවරිය එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කළ යුතු බවය. ගුවන් ප්‍රහාර එල්ල කර ‘මදුරෝ රැගෙන යාමේ අමෙරිකානු මෙහෙයුමෙන් පසු’ කරාකස් නුවර ප්‍රහාර එල්ල කළ ස්ථාන සහ ගිනිගත් ගොඩනැගිලි, රථවාහන සහ සුන්බුන් දක්නට ලැබුණි. වෙනිසියුලාව තුළ හටගෙන ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් පවසා තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක…
පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. එමෙන්ම නැගෙනහිර පළාතේත්, නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම…
ආරක්ෂාකාරී සහ නීත්‍යනුකූල බල හුවමාරුවක් සිදුවනතුරු අමෙරිකාව වෙනිසියුලාව පාලනය කිරීමට අදහස් කරන බවත්, වෙනිසියුලාවේ තෙල් නිධි කළමනාකරණය කිරීමට අමෙරිකානු සමාගම් යොදවන බවත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (04) ප්‍රකාශ කළේය. අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගනු ලැබූ වෙනිසියුලානු ජනපතිවරයා මේ වන විට රැඳී සිටින්නේ නිව්යෝක් හි බෘෘක්ලින් නාගරික රැඳවුම් මධ්‍යස්ථානයේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු රජය තුළ සිටි CIA ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මත ජනපති නිකොලස් මදුරෝ සැඟවි සිටි ස්ථානය අමෙරිකාව විසින් සොයා ගනු ලැබූ බවය. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන අමෙරිකාව දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ එරට වේලාවෙන් ඊයේ (03) අලුයම් කාලයේදීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිකුරාදා…
දෙහිවල ප්‍රදේශයේ වැඩපලක් ඉදිරිපිට තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සැකපල කරන්නේ පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට ය. මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ දෙහිවල, සන්ජයපුර වෛද්‍ය පාර ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු වේ. ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ගීත්ම ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇත.
හෙට සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ශය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය. එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවේ විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව ඊට සමගාමීව මෙම අලුත් ක්‍රමයට දරුවන් හුරු කිරීම සඳහා ද වැඩසටහන් සංවිධානය කර ඇති බවය. එමෙන්ම දෙමාපියන් සඳහා ද එම හඳුන්වා දීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර ඇති බව අගමැතිනිය සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විෂයන් තේරීමට හුරු කිරීම ආදී වූ…
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති බව ‘cricinfo’ වෙබ් අඩවිය පවසයි. දෙරට අතර දේශපාලනික වශයෙන් උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය තුළ බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ “ආරක්ෂාව සහ යහපැවැත්ම” සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව එම තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි ඔවුන් ඉල්ලීමක් කරඇති බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරක්වය යටතේ ලබන මාසයේ ආරම්භවන එම තරගාවලියේ දී බංග්ලාදේශය කොල්කටාහිදී 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඉදිරියේ දී පැවැත්වෙන IPL තරගාවලියේ දී කොල්කටා වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම එම…
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර ඇත. මේ පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” යනුවෙන් හඳුන්වයි. ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ලැබේ. සැක දුරු කිරීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9…
