Author: Bandara Senanayaka

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බව අමාත්‍යවරය වැඩිදුරටත් පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේදීය. “මේක රජයේ සාමූහික උත්සාහයක්. සාමූහික වගකීමක්. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ගන්න රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය. ඒ නිසා යම් යම් අය තම තමන්ගේ දේශපාලන හා වෙනත් පටු උවමනාවන් ඉටු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරලා කරන විවේචනයන් අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එහෙම කිසිඳු එකක් නැහැ. මෙතන තියෙන්නේ සාමූහික රජයේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 20යි 20 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැදී සිටීමේ අදහසක් නොමැති බවය. 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව තාවකාලික පත්වීමක් ලෙස ජයසූරිය මුලින් පත්කෙරුණත් එම වසර අවසානයේදී පූර්ණ කාලීනව ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි. ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුළ, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 60 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 29ක් ලබාගෙන පරාජයන් 29කට මුහුණ දී තිබේ. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ගණන දෙකකි.

Read More

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යමින් සිදුකරන ලද මෙම ක්‍රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවය. ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරනය කිරීමේ සහ පාලකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පත් එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්, ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක්…

Read More

​ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත “සත්මහල් සදහම් මන්දිරය” සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජනවාරි 03 දින උත්සවාකාරයෙන් පැවැත්විණි. ​දුරුතු පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව සංවිධාන කර තිබූ මෙම ආගමික වැඩසටහන ආරම්භ වූයේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි. අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කරමින් සත්මහල් සදහම් මන්දිරයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. ​බෞද්ධ උරුමය සුරකිමින් අනාගත පරපුර උදෙසා දහම් දැනුම සහ අධ්‍යාත්මික පෝෂණය ලබාදෙන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම සත්මහල් සදහම් මන්දිරය නිර්මාණය වීමට නියමිතයි. ​මෙම අවස්ථාවට කෝට්ටේ රජමහා විහාරාධිපති අළුත් නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කර්මාන්ත සහ…

Read More

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඇයගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයා ගෙන ඇති බව ද ගුවන් තොටුපල රේගුව සදහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරි 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වේ. කටුනායක ගුවන්…

Read More

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 168ක් පසුගිය වර්ෂයේ දී වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත. මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දීය. මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත…

Read More

බංග්ලාදේශ වේගපන්දුයවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට දන්වා තිබේ. ඒ බංග්ලාදේශයේ මතුව ඇති දේශපාලන අර්බුද තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය. 2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඉකුත්දා පැවැති අතර මෙහිදී බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන්ව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ඒ ඉන්දීය රුපියල් කෝටි 9යි දශම දෙකකටයි. IPL ක්‍රීඩක වෙන්දේසියකදී බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම වටිනාකම මෙය වන අතර මෙවර වෙන්දේසියේදී වැඩිම වටිනාකමක් හිමි වූ දෙවන ක්‍රීඩකයා වන්නේද මුස්ටෆිසූර් රෙහෙමාන්ය. ඔහු මිලදී ගෙන මාසයක් ගතවීමටත් මත්තෙන් මුස්ටෆිසූර් රෙහෙමාන්ව IPL තරගාවලියෙන්…

Read More

ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වනජීවී නිලධාරීන්ට චෝදනා කරයි. පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා චෝදනා කළේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් කාර්යාලයේ දුරකථනයට හෝ ප්‍රතිචාර නොදක්වන බවය. පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීම ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ප්‍රදේශයේ ජනතාව ද එක්ව සිටියේය.

Read More

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9 වනදා නිකුත් කරනු ලැබු චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන්ය. සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22 වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26 වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

Read More

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබේ. අමෙරිකානු හමුදා මෙහෙයුමක් මගින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස මෙමගින් නියෝග කර ඇත. ඒ අනුව ජාතියේ පරිපාලන අඛණ්ඩතාව සහ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති ධුරය ඇය විසින් භාරගනු ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read More