Author: Bandara Senanayaka

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි. කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත්වුණි. පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි. එවන් පසුබිමක අද දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන්…

Read More

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. පසුගිය 26 වැනිදා ඒ මහතා ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.

Read More

චීනය විසින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදුකර තිබේ. චීන යුද, ගුවන් හා නාවික හමුදා ඒ සඳහා අනුයුක්ත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තායිවානය සඳහා ඩොලර් බිලියන 11ක දැවැන්ත අවි ආයුධ පැකේජයක් ලබාදෙන බවට අමෙරිකාව විසින් නිවේදනය කර දින කිහිපයකට පසුව චීනය මෙම යුද අභ්‍යාසය සිදුකිරීම විශේෂත්වයකි. මේ අතර චීනය විසින් සිය මුහුදු ප්‍රදේශයේ සිදුකරන යුද අභ්‍යාසය තායිවාන රජය හෙළා දැක ඇති අතර එය ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව ඔවුන් සඳහන් කර ඇත.

Read More

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වී තිබේ. ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි. ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසයි. මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කෙරේ. සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස දිගටම පවතින අතර, විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව…

Read More

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත විය. මෙම උද්ඝෝෂණය සඳහා ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 50ක පමණ පිරිසක් සහභාගී වී ඇත. එහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා අනාවරණය කළේ දැනට…

Read More

සිය පෙම්වතා විසින් පහරදී මරණීය තර්ජන සිදුකර රුපියල් ලක්ෂ 60ක මුදලක් බලෙන් ලබාගත් බව කියමින් නැගී එන නිරූපණ ශිල්පිනියක් වන සාරංගි සංගීතා කොල්ලුපිටිය පොලිසියට සිදු කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම කොල්ලකෑම පසුගියදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී සිදුව ඇතැයි පොලිසිය පවසයි. තමන් පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන තරුණයා සමගින් මෙම හෝටලයට පැමිණි බවත් පසුගිය 12 වැනිදා රාත්‍රියේ හෝටල් කාමරයේ සිටියදී පෙම්වතා තමන් බියවද්දා තම ජංගම දුරකථනය ලබාගෙන ජංගම දුරකථනය ඔස්සේ තම ගිණුමෙන් රුපියල් ලක්ෂ හැටක මුදලක් ඔහුගේ ගිණුමට බැරකර ගත් බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත. පසුව පෙම්වතා තමන්ට පහරදී තමාට මරණීය තර්ජන සිදුකර තමන් හෝටල් කාමරයේ තබා…

Read More

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නාවනු ලබන මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම යළි ආරම්භ කරනු ලැබූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මා ඔය ප්‍රදේශයේ ජලය බොරවීම, ජලය සමග පැමිණ තිබූ වැලි හා රොන් මඩවිල්න අලි ඇතුන් නාවන ස්ථානය යටවීම මෙන්ම එම වැලි අතර අලි ඇතුන්ට අනතුරුදායක වීදුරු කැබලි හා යකඩ කැබලි රැඳී පැවතීම නිරීක්ෂනය වූ බවය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අලි ඇතුන්ගේ සුබසාධනය හා ආරක්ෂාව සඳහා මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම…

Read More

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව තිබේ. මේ සම්බන්ධව ඊයේ (28) වෙන්නප්පුව පොලිස් ස්ථානයට පණිවිඩයක්ද ලැබී ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශනයක්ද ආරම්භ කර ඇත. අතුරුදන් වූ තරුණිය වයස අවුරුදු 17ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවය. පසුව ඇය බේරා ගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන ඇති බව වාර්තා වේ. ප්‍රදේශවාසීන් විසින් තරුණයා බේරා ගෙන ඇති අතර තරුණිය දියේ ගසා…

Read More

ලෝක පාපන්දු පිටියේ විශිෂ්ටයින් ඇගයීම සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ‘ග්ලෝබ් සෝකර්’ සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මෙහිදී පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම නියෝජනය කරන උස්මාන් ඩෙම්බේලේ (Ousmane Dembele) වසරේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳිනු ලැබුවා. එමෙන්ම සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ(Cristiano Ronaldo) අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් දක්වන දක්ෂතා වෙනුවෙන් මධ්‍ය පෙරදිග දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ අතර බාර්සිලෝනා කණ්ඩායමේ යොවුන් තරුව වන ලැමින් යමාල් (Lamine Yamal) වසරේ දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවා. එම සම්මාන ලැයිස්තුව පහතින්. සම්මාන ලැයිස්තුව – 2025 දක්ෂතම පිරිමි ක්‍රීඩකයා – උස්මාන් ඩෙම්බේලේ (PSG)දක්ෂතම කාන්තා ක්‍රීඩකයා – අයිටානා…

Read More

දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය (CSA) අතර පැවති නීතිමය සටනකින් Tabraiz Shamsi ජයග්‍රහණය කර තිබෙනවා. ජොහැනස්බර්ග් මහාධිකරණය තීන්දු කළේ, ෂම්සිට දැනට ක්‍රීඩා කරන ජාත්‍යන්තර විස්සයි20 ලීගය (ILT20) අවසන් වන තෙක් එරට ක්‍රිකට් ආයතනය විසින් ‘අකමැත්ත ප්‍රකාශ නොකිරීමේ සහතිකය’ (NOC) ලබා දිය යුතු බවයි. මෙම අර්බුදය හටගත්තේ Tabraiz Shamsi හට ජනවාරි මුල දක්වා පැවැත්වෙන ILT20 තරගාවලිය සඳහා සහභාගී වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබුණේ දෙසැම්බර් මැද දක්වා පමණක් වීම හේතුවෙනි. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී Tabraiz Shamsi තේරී පත්ව ඇති බැවින්, ඔහු මෙරට දේශීය තරග සඳහා ප්‍රමුඛතාව දිය යුතු බව ක්‍රිකට්…

Read More