Author: Bandara Senanayaka

ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කරන බැතිමතුන් පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිත කළ විශේෂිත ආසනයක් කඩා බිඳ දමා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල් වැව කොට්ඨාසයට තරග කළ අපේක්ෂකයා වන අවිෂ්ක ඉමේෂ් සේනාධීර සහ ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිත නම් මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

උදාවන නව වසර සහ උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශ්වසන පරීක්ෂණ නළ (Breathalyzer) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලිස් රථ වාහන අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසයි. දැනට බෙදාහැර ඇති නළවලට අමතරව, ලබන ජනවාරි මාසයේදී තවත් ශ්වසන පරීක්ෂණ නළ 250,000ක් පොලීසියට ලැබීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය. බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන විශාල ජීවිත සහ දේපළ හානි අවම කරගැනීම මෙම මෙහෙයුම්වල මූලික අරමුණයි. හිටපු කතානායක අශෝක රන්වල මහතා රිය අනතුරකට මුහුණපෑ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවට සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එය පරීක්ෂා කිරීමට අවශ්‍ය…

Read More

ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියගම හා මුරුතගස්පිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා. මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සඳහා දේශපාලන මැදිහත් වීම් මත නුසුදුසු පුද්ගලයින්ට වන්දි ලබාදී ඇති බවයි ගොවීන් චෝදනා කළේ. අනතුරුව ගොවීන් දෙහිඅත්තකණ්ඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහායි. කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස් අරුණ වීරකෝන් ප්‍රකාශ කළේ ගංවතුර හේතුවෙන් කුඹුරු විනාශ වූ ගොවීන් 4,620 කට රජය මගින් රුපියල් මිලියන 471ක වන්දි ලබාදී ඇති බවයි.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72කදී මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස හා ගාල්ල කඳවුරේ නිලධාරින් එක්ව බන්ධනාගාර හදීසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම් සිදුකර ඇත. එහිදී ජංගම දුරකතන 133ක්, සිම් කාඩ්පත් 159ක්, දුරකතන චාජර් 110ක්, ඩේටා කේබල් 122ක්, මෙමරි චිප් 02ක්, ජංගම දුරකතන බැටරි 12ක්, හෑන්ඩ් ෆ්‍රී 56ක්, දුම්වැටි කොටස් 12ක්, පිහි 03ක්, හෙරොයින් මත්කුඩු…

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් කිසිදු ලෙසකින් හෝ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් මේවන විටත් කැමැත්ත පලකර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක්…

Read More

නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම ඉදිරියේදී සිදුකිරීමට බලාපො⁣රොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉතිහාසයේ පළමුවරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදස්කිරීමක් නෙවීය. ,නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බව. අප කල විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.ඒ අනුව ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරනු ඇති බව සඳහන්.

Read More

හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් (87162) දිසානායක හා පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත. අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන් ජාතික අවුරුදු 42ක් වූ කාන්තාවක් හා ඇගේ අවුරුදු 14ක් වූ පුත්‍රයා වේ.

Read More

දේශපාලකයන්ට තමන්ට විරුද්ධ වූ පමණින් මාධ්‍ය තහනම් කිරීමට හෝ මර්දනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කරනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, දේශපාලනඥයෙකුට තිබෙන හොඳම මගපෙන්වීම ජනමාධ්‍ය බවයි. දේශපාලනය සහ මාධ්‍ය යනු එකිනෙකට වෙන් කළ නොහැකි, පූර්ණකාලීන කාර්යයක් බවත්, මාධ්‍ය නොමැතිව දේශපාලන ගමනක් යා නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. රට තුළ සිදුවන අසාධාරණකම් සහ අයුතුකම් පෙන්වා දෙන්නේ මාධ්‍ය මගින් බවත්, එවැනි අවස්ථාවලදී මාධ්‍ය දේශපාලකයන්ට එරෙහි වීම සාධාරණ බවත්, එවැනි අවස්ථාවකදී මාධ්‍ය තහනම් කිරීම සඳහා දේශපාලකයින්ට අවස්ථාවක් නොමැති බවටත් ඔහු මෙහිදී පැවසුවා. මාධ්‍ය තහනම් කිරීම හෝ සීමා කිරීම වැනි ක්‍රියාවන් සිදු වන්නේ ඒකාධිපති රාජ්‍යයන් තුළ…

Read More

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයත් සමග පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේ දකුණු දිග ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. එමෙන්ම, නිවාස පනස්දහසකට පමණ විදුලිය ද විසන්ධි වී තිබෙනවා. මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග එරට ගුවන් ගමන් 1,500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, 5,400ක් ප්‍රමාද වී ගුවන් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Read More

පසුගියදා වැඩි ඡන්ද 03කින් පරාජයට පත්වූ කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, දෙවැනි වර ඡන්ද විමසීම සඳහා ලබන බදාදා (31දා) ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 18 වැනිදා නගරාධිපතිනි වායි කැලී බල්තසාර් විසින් ඉදිරිපත් කරන ලද මෙම අයවැය ලේඛනය, එදින රාත්‍රී 10.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී පරාජයට පත් විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 60ක් හිමි විය. නීතිමය ප්‍රතිපාදන අනුව පරාජයට පත් වූ අයවැයක් දෙවැනි වරට ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බැවින්, ලබන 31 වැනිදා පෙරවරු 10.00ට යළිත් සභාව රැස්වීමට නියමිතය. එහිදී මෙම අයවැය ලේඛනය සම්මත කරගැනීමට පාලක පක්ෂය සමත් වේද නැතහොත් විපක්ෂය යළිත් එය පරාජය…

Read More