Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන අනුව 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට නව එකතු කිරීම් පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් කිරීමට මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව, අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි සඳහන් වගුවේ අනු අංක 3, 5, 6, 7, 9, 11, 12 සහ 14 සංශෝධනය කර තිබේ. අදාළ සංශෝධිත චක්‍රලේඛය පහතින් දැක්වේ.
පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ජනවාරි මස 5 වන දිනට පෙර ලබානොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ගුරු වෘත්තිය සමිති පවසයි. ගුරු වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (22) පෙරවරුවේදී පැවැත්වුණි. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙනි. මෙහිදී වෘත්තී සමිති ප්‍රකාශ කර සිටියේ දෙසැම්බර් 12 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලීමට සිටියත් එය සිදුනොකළ බවය. අග්‍රාමාත්‍යවරිය අද දිනයේදී යම්කිසි මට්ටමකට තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන් දීමක් සිදුකළ බවත් ඒ පිළිබඳව සලකාබලන බව ඇය ප්‍රකාශ කළ බවත් ගුරු වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකටය. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් සඳහා නිකුත් කර තිබු ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපෙනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙසේ අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසාලි හේමසිංහ මහත්මිය පැවසුවේ බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා ද නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවය. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය. අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග මේ තත්ත්වය…
මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බව වාර්තා වේ. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙහිදී රේගු නිලධාරීවරුන්ට මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව සැකපහල වී ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී මෙම මැණික් තොගය සොයා ගෙන ඇත.…
සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සහායක නිලධාරියෙකුට, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. ඊයේ (20) රාත්‍රියේ කොලොන්න ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ බව පවසන පොලිස් සහායක නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. තමන් සේවය නිම කර නිවස බලා යමින් සිටියදී මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් තමන්ට පහර දුන් බව එම නිලධාරියා පවසයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ද අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව කොලොන්න පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ නිලධාරියා බීමත්ව සිටි බවත්, ඔහු…
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවය. එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී…
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත. මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමය. යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල…
