Author: Bandara Senanayaka

බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා තිබේ. එහිදී බෙලාල් හුසේන්ගේ හත් හැවිරිදි ගැහැණු දරුවා මියගොස්, ඔහු සහ ඔහුගේ අනෙක් ගැහැණු දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නිවැසියන් රාත්‍රී ආහාරය ගෙන නින්දට ගිය පසු අද (21) අලුයම 2ට පමන නිවසේ දොරවල් පිටතින් අඟුළු දමා පෙට්‍රල් වත් කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ. අදාළ නිවස සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන් වේ. මෙලෙස ගින්නෙන් මියගොස් ඇත්තේ අයේෂා අක්ටර් නම් 7 හැවිදි කුඩා ගැහැණු දරුවෙකි. ගින්නෙන් තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි…

Read More

යාපනය, තයියට්ටි ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය ආසන්නයේ අද (ඉරිදා) දින උණුසුම් තත්ත්වයක් පැවති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ දේශපාලන නියෝජිතයන් එක්ව, ටිස්ස විහාරය සම්බන්ධ කරගනිමින් විශාල විරෝධතා ව්‍යාපාරයක් අද දින ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව අතරතුරදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශය තුළ දැඩි ආතතියක් පවතින බව සඳහන් වේ. විරෝධතාකරුවන් පවසන්නේ, තිස්ස විහාරය සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන පුද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසත්, එම විහාරයේ නායක හිමියන්ට ලබාදී ඇති බව කියන විශේෂ පිළිගැනීම්වලට එරෙහිව තමන් මෙම විරෝධතාව පවත්වන බවත්ය. මෙම විරෝධතාව වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ. එම…

Read More

පසුගිය දිනවලදී ලැබුණු වර්ෂාව සහ ඊසාන දිග මෝසම් සමඟ ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාවත් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නයයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට, අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිණිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම නිවේදනය ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය. එමෙන්ම අදියර දෙක යටතේ දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස්පහකට විමසිලිමත්ව සිටින ලෙස…

Read More

සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ. ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි. පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත. අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ. මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට “තෝ මරනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන්…

Read More

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දැවැන්ත විපතට පත් වූ කෑගල්ල අරණායන ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම උදෙසා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම ව්‍යාපෘතිය තුළින් අරණායක ප්‍රාදේශීය රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ [20] සිදු විය. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් පරිත්‍යාග කිරීම සිදු විය.දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දැවැන්ත විපතට පත් වූ කෑගල්ල අරණායන ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම උදෙසා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම ව්‍යාපෘතිය තුළින් අරණායක ප්‍රාදේශීය රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග…

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. 2025 නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන ගණනක් ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල විය. මෙම ආපදාවට පසු ‘ඔපරේෂන් සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම ආරම්භ කරමින් ඉන්දියාව වහාම ශ්‍රී ලංකාවට සහාය දක්වමින් මානුෂිය ආධාර, හදිසි සහන ද්‍රව්‍ය සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබුණි. …

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවය. මෙම වාන් දැමීම මගින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවත් මේ හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය. කෙසේ නමුත් ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීමේ හැකියාව පවතින බවත් මේ හේතුවෙන් එම තත්ත්වයන් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු…

Read More

ගාල්ල නගරයට අද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ. ගාල්ල මහා වීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, බෙලිගහ ඇතුළු මාර්ග රැසක් මෙන්ම සංචාරක ගාලු කොටුවේද මාර්ග කීපයක් මෙලෙස ජලයෙන් යට ව ඇත. ප්‍රදේශවාසීන් චෝදනා කරනුයේ නිසි ලෙස ජලය බැස යන කාණු පද්ධති සුද්ධ නොකිරීම සහ ඒ මත ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්ත්වය මතුවූ බවය.

Read More

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

Read More

ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහනුවරදී අද (20) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලබා ගන්නා එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් වන බවය. එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රජය විසින් මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය. ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බවත් මේ අනුව තවත් එවැනි…

Read More